මගේ සිතුවිල්ල

May 23, 2008

ආයුබෝවන්!

ශ්‍රි ලාංකික වුවත් මා සිංහලයෙකු නිසාත් ලංකාව තුල භාවිතා වන අනෙකුත් භාෂාවන් පිළිබඳ දැනුම අල්ප නිසාත් මේක අහම්බෙන් හරි කියවන්න ලැබෙන ඔබ සැමට (ජාති ආගම් බේදයකින් තොරව) ආයුබොහෝ වේවා! සිංහලෙන් ලියන්න ගත්තු නිසා සිංහලෙන්ම ආශිර්වාද කරන එක තමා හොද.

හිතේ තියෙන පාළුව, කාන්සිය, දුක,සතුට, යන සාමාන්‍ය මනුශ්‍ය හැඟීම් නිසා හිතට එන සිතුවිලිත් එක්ක මොනාම හරි ලියන්න ඔන කියලා හිතුන පළමූ වතාව මේක නෙමෙයි. හැමදාම හිතනවා හැමදාම පහු බහිනවා. කොහොමෙන් හරි මේ සිතුවිලි ටික ලියා දාන්න ඔන කියලා හිතත් එක්ක බොහෝ වේලා වාදයකට පැටලී සිටි මොහොතක යටි හිත මැදිහත් වෙලා තමයි මට අවසර ලබා දුන්නේ ලියන්න කියලා.

ඕන්න ඉතිං හා හා පුරා කියලා හිතට එන හොඳ හෝ නරක ඕනම දෙයක් හිතේ බර නැති වෙනකං ලියා දාන්නයි හදන්නේ. කාට හරි මගේ සිතුවිල්ල කියවන්න ලැබුනොත් හොඳ නරක පෙන්වා දෙන්න කියලා ඉල්ලා හිටින්නත් කැමති.
හොඳයි මෙච්චර වෙලා කියෙව්වට මම කව්ද කියලා කියන්න අමතක උනානේ. මේක ලියන්න පටන් ගන්න කොටම මගේ හිතට ආපු පළමු සිතුවිල්ලත් ඒකම තමයි. ඇත්තටම මම කව්ද? මොනවද කරන්නේ? මොනවද කරලා තියෙන්නේ? මම තාම මං තුලින් මාව සොයමින් පවතිනවා, හරියටම හොයා ගත්තු දවසක කියන්න බලාපොරොත්තු වෙනවා, හැබැයි හොයා ගන්න පුළුවන් වෙයිද කියන එකනම් ගැටළුවක්. නමුත් මං ගැන මුකුත්ම නොකියා ඉන්න හිතෙන්නෙත් නැ. බොහොම කෙටියෙන් මං මෙහෙම කියන්නං මම පුරා අවුරුදු 23ක් මගේ ආදරණීය අම්මටයි තාත්තටයි පිං සිද්ධ වෙන්න මේ අසම සම පොලොවේ පය ගහලා මේ මොහොත වන තුරුත් ජිවත් ‌ෙවන ඉගෙන ගනිමින් ජිවනෝපායක නිරත වෙන කෙනෙක්.

මගේ පළමු ලිපියෙන් උදව් කළ අයව සිහිපත් කරන්නය හදන්නේ. කළ ගුණ සැලකීම, කරපු උදව් අමතක නොකීරීම, ස්තුති කිරීම වගේ දේවල් ශ්‍රි ලාංකික අපි කාටත් ඉස්සර ඉදං හොදට හුරු පුරුදු දෙවල්(කාලයත් එක්ක සමහරුන්ට මේවා අමතක වෙලා). අන්තර් ජාලයේ මේ විදිහට නිදහසේ ලියන්න කියන්න පුළුවන් කියලා මුලින්ම මාව දැනුවත් කලේ (නම කීමට අකමැතියි) බොහො විට අනුන්ගේ දුක තමන්ගේ කරගන්නා (සෑම විටම නොවේ) එංගලන්තේ හෝ ඇමෙරිකාවේ වේලාවට ලංකාවේ වැඩකටයුතු කරන මා අනුවර්ත නාමයකින් ආදරේට සුදු අප්පෝ යැයි අමතන ඔහුය. මට ලියන්න අවකාශ සලසා මේ බ්ලොග් පිටුව නිර්මාණය කර දුන් සුදු අප්පෝට මං මේ මොහොතේ මගේ ස්තුතිය සහ ප්‍රණාමය හරිම සතුටින් පුදකරනවා.

:) :)

මටත් පුදුමයි, සාමාන්‍ය පෙළ පංතියෙදි සිංහල ගුරුතුමියගෙන් බැනුම් අහා අහා රචනාවක් ලිව්වට පස්සෙම ඔහේ හිතට ගලගෙන ආපු අදහස් ටිකක් මේ විදිහට ලියපු පළමු වතාව මේක. ලියන කියන දේවල් වලට මට තියෙන හැකියාවනම් අන්නිම බින්දුවේ තමා තියෙන්නේ. කියවන්න ආස හිතෙන විදිහට ලියන එකම මට ගැටළුවක් වෙලාවකට. කොහොම වෙතත් මේ ලියලා තියෙන දේවල් ආමාරුවෙන් හරි කියවන ඔබටනං පිං.

හොදයි අදට මං මගේ මුල්ම ලිපිය (හැදින්වීම කිව්වොත් නිවැරදි මං හිතන්නේ) මෙතනින් හමාර කරන්නයි හදන්නේ. ආයෙත් දවසක සිතුවිල්ලකින් හමුවෙමු.

Entry Filed under: මගේ ලිපි ගොනුව. .

5 Comments Add your own

  • 1. නිදහස් අදහස්  |  May 23, 2008 at 10:50 pm

    සිංහලෙන් ලිපියක් ලියන්නට පෙළඹීම ගැන තුති. ඒ වගේම ලියන්න පෙළඹවූ නම නොදත් සොයුරාටත් තුති. දිගටම ලියන්න මගෙන් සුබ පැතුම්.

    Reply
  • 2. kasun  |  May 24, 2008 at 1:51 pm

    නියමයි !,
    දිගටම ලියන්න……..

    Reply
  • 3. සහන් තන්තිරිවත්ත  |  May 27, 2008 at 10:57 pm

    සිංහලෙන් ලියන්න පටන්ගත්තාට මගෙන් සුබ පැතුම්. සාර්ථක බ්ලොග් එකක් පවත්වා ගෙන යාමට ශක්තිය, දිරිය ලැබේවා!

    Reply
  • 4. සිතුවිලි  |  May 30, 2008 at 3:05 pm

    වරුණ,
    බොහොමත්ම ස්තුතියි සුභ පැතුමට,

    කසුන්,
    ඇත්තටම දිගටම ලියන්න තමා හිතන්නේ,

    සහන්,
    දීපු ප්‍රතිචාරයට බොහොම පිං,

    කොහොම වෙතත් ලියන වැඩේ මට අළුත්.
    ඒත් මං ඒක හරි ආසාවෙන් කරනවා, හොදටම බැරි උනත් :)

    Reply
  • 5. sampath  |  June 21, 2008 at 10:39 am

    ඔබ බොහෙම නිවරදියි සරලවම කීවොත් නැත්තන් අපේ මතු පරම්පරාව මේ වගේ ලියුම් ලියන්න බැර නෑ

    “adaraneeya amma wetha

    mama suwen sitimi obata keseda?? sinhala akuru hariyatama mathaka naha eka nisa singlish walin liyanna hithuna..obata kiyawa ganna puluwan wethai sithami

    meeta puth
    lanka”

    ඔබට ජය!

    මම
    සම්පත්

    Reply

Leave a Comment

Required

Required, hidden

Some HTML allowed:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


චැට්

අතීත සටහන්

ප්‍රතිචාර

Blogroll

Blog Stats