කහවත් න්‍යෂ්ටිය
June 2, 2008
ඔන්න ඉතිං අද මගේ සිතුවිල්ල පටන් ගන්නයි හදන්නේ. ඒත් මොන හේතුවක් ද මංදා ලියන්න මුකුත් හිතට ආවේ නෑ. මේ දවස් වල මදි නොකියන්න වරුසාව තියෙන හිංදා සිතුවිලි වලට පිනි බාලාද කෙහෙද? ඒත් ඉතිං පටන් ගත්තු වැඩේ අතරමග නතර කරන්න බැනේ. මොනාම හරි ලියන්නත් එපැයි. මුලින්ම එහෙනං ගිය වර මගේ ලිපිය කියවපු සෑම සියලු දෙනාටම ස්තුති කරන්න එපැයි.ඒවගේම ප්‍රතිචාර දක්වපු ඔබ සියලු දෙනාටත් ස්තුතියි. අළුත් පොතක් ගැනත් ඒ අතර සටහන් වෙලා තිබුනා. ඇත්තෙන්ම අදාල පොත හොයන්න කියලා book shop එකට යන්න හදන කොටම ඉතාම අනර්ඝ මට්ටමේ වර්ෂාවකින් ආශිර්වාද ලැබුන හින්දා ගමන අතර මග නතර කරන්න උනා. “මිගුවල් වීදීය ” ගැන විස්තර කියපු ඔබට බොහොම ස්තුතියි. අනිවාරයෙන්ම පොත සොයා ගෙන කියවන්න තමයි මගේ බලාපොරොත්තුව. මට ලැබෙන ප්‍රතිචාර හැම වෙලාවෙම මාව දිරිමත් කරනවා.
දැං ඉතිං ඊගාව ප්‍රශ්නේ මොනාද අද මං ලියන්නේ. මං මීට කලින් ලිපියේ කිව්වා මතක ඇති මං පද ගැලපීම අතින් පංතියේ අන්තිමයා කියලා. කථාව 100% ක් ඇත්ත. නමුත් මේ ලගදි මගේ අතිජාත මිත්‍රයෝ ටික තුරුළු කරං එයින් එක්කෙනෙක් අත උඩ තියාගෙන මං කිව්වේ මගේ පණ වගේ තියෙන සටහන් පොත් ටික බස් එකේ යද්දි හිත පහන් වෙච්චි අවස්ථාවකට මුහුණ දුන්නා. ඒ වෙලාවේ මගේ හිතට ආපු අදහස් ටික ගෙදර ගිය වෙලාවේ කොලේක ලිව්වා. ආන්න ඒ ටික අද මගේ සිතුවිල්ල විදිහට පලකරන්න තමයි මං මේ හදන්නේ. දහසකුත් අඩු පාඩු ඇති. ඒත් අදහසක් තියෙනං පල නොකර ඉන්න එපා. ඕනෑම දෙයක් මං භාර ගන්නවා. එහෙනං අදට මගේ සිතුවිල්ලෙන් මං නවතිනවා. ආයෙත් දවසක සිතුවිල්ලක් ලියන බලාපොරොත්තුවෙන්.
ඉලෙක්ට්‍රෝනයක් ශක්ති මට්ටම් අතර පනින වේගය පාලනය කරමින්
බසයේ මුල්ලකට වී පොතේ සිර වු ඉලෙක්ට්‍රෝනය සමග පොර බදින වේලේ
එකවරම ඇතුලු වු හිස මුඩු කරගත් කහ පැහැ න්‍යෂ්ටියක්
මගේ දගකාර ඉලෙක්ට්‍රෝනය ඇ වෙත ඇද ගනු ලැබිනි.
මා ඉලෙක්ට්‍රෝනයෙන් හා පොතෙන් මිදුනි
කහ පැහැ බෑගය තුරුලු කරන් සිටි ඔබ දෙස
කෙසේ නම් නොබලා සිටින්න ද?
ඔබ ඔය සොයන සත්‍ය කිම?
කියා දිය හැකි ද මට
මා සොයන සත්‍ය ඔබගේ සත්‍ය හා සමපාත නොවන බව
ඔබේ පියකරු කහවත පැවසුනි මට
එහෙත් සොයන්නට ඔබේ සත්‍ය
සිතුණු වාර අපමණය මට
එනමුත්
නොලද්දෙමි කමටහන් අයැද මුත් අපමණ වර
අපේ අම්මාගෙන්.
Entry Filed under: මගේ ලිපි ගොනුව. .
5 Comments Add your own
Leave a Comment
Some HTML allowed:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>
Trackback this post | Subscribe to the comments via RSS Feed
1.
Bo | June 2, 2008 at 6:11 pm
දැක ඔබ දැමූ ප්‍රතිචාර මගේ පිටුවේ, පැමිණියෙමි ඔබේ සිතුවිලි පිටුව බලන්නට. කියෙව්ව නමුත් ඔබේ සටහන් නොහැකි විය යමක් ලියන්නට දිරි දෙන්න. සමාවෙන්න මම කාලය හා සටන් වදිමින් සිටින්නෙමි නිතර.ලියන එක කොයි තරම් හොඳද හිතකට. මනා සංයමයක් සහ සහනයක් ඇතිවෙනවා එයීන්. එනිසා ලියන්න තව තවත්. ඉලෙක්ටෝන , න්‍යෂ්ඨි සංකල්පනාව අගෙයි. ඔබට ඔබ සොයනා සත්‍යය දිහාවට හෙමින් උනත් නුවණැසින් ලඟා විය හැකි වේවායි පතමි. දිගටම ලියන්න. විවිද සිතුවිලි වල නේක හැඩ තල කියවන්ට ඇසිල්ලක් සොයාගත් ගමන් මම නැවත ලියන්නම්. ඔබට ජය
2.
සහන් තන්තිරිවත්ත | June 3, 2008 at 12:54 am
ඔබගේ සටහන හරිම අගෙයි. එහි සියුම්ව දිග හැරෙන භාව ප්‍රකාශය පාඨකයා ගේ බුද්ධිය අවධි කරනවා. ලිවීමට ඇත් හැකියාව තව තවත් දියුණු වේවා යි පතමි.
3.
නිදහස් අදහස් | June 3, 2008 at 5:47 pm
පොත හොයාගෙන කියවන්න. හරි අපූරු පද ගලපීමක්. දිගටම ලියන්න. ජය වේවා.
4.
kasun | June 4, 2008 at 10:39 am
නියමයි!
5.
nishmi | June 11, 2008 at 1:23 am
සිතිවිලි හරිම අගෙයි.තව් තව්ත් ලියන්න සුබ පැ තුම්!