හතරැස් අඩිය

June 5, 2008

අපූරුවට ලියන සැම අතරේ මගෙත් පුංචි පුංචි හරි ලිපි කියවන අය දැක්කම හරි සතුටු හිතුනා. මං ලියපු දේවල් මංම හොරෙන් කියවලා කාටවත් නොපෙනෙන්න විසි කරපුඑක තමා මෙච්චර දවසක් කලේ. හැබැයි ඉතිං දැං මං ලියපු දෙයක් කියවන අය ඉන්න නිසා ලියපු ඒවා විසි නොකර පල කරන්න පුළුවං. ඔන්න ඉතිං එහෙනං පුරුදු විදිහට අද මගේ සිතුවිල්ල පටන් ගන්නයි සුදානම.

පහුගිය වර මගේ ලිපියට ලැබුන පුතිචාර සහ ඒක බලපු අය දැකලා මං හිතෙන් හරි සතුටු වුනා.ඒ අතරේ පෞද්ගලිකවත් දිරි ලැබුනා දිගටම ලියන්න කියලා. ප්‍රතිචාර දක්වපු බෝ, වරුන, සහන්, කසුන් ඔය හැම දෙනාටම බොහොම ස්තුතියි. වේලාවකට හිතෙනවා මේ ස්තුතියි කියන වචනේ ටිකක් බර මදි කියලා. හැබැයි අර ඕන දේකට Thank You, Sorry කියන එකට වඩා නං දස දහස් වාරයක් අගෙයි.

හොදයි අද  මං මගේ දහසකුත් එකක් සිතුවිලි අතරින් මොකක් ගැනද කියන්නේ. අපි හැමෝටම මොනාම හරි දෙයක් හිතෙන්න වේලාවක් අවේලාවක් නැ නේ. සිතුවිලි ගලං එන්නෙ ගංගාවක් වගෙනේ.එක නිරන්තරයෙන් සිදුවෙන දෙයක්.එහෙම හිතිච්ච හුගාක් දෙවල් මං මේ හිතේ පුරෝගෙන ඉන්නවා. ඔය සිතුවිලි සමහරක් වෙලාවට එන්නේ පද වැල් වගේ. ඉස්සර නං එහෙම හිතිච්ච පද වැල්, සමහර කරුණු කාරනා අමතක කරලා දානව. ඇත්තටම කරනවා නෙමෙයි අමතක වෙනවා. හරියට එක බස් නැවතුමකින් නැගලා ඊගාව නැවතුමෙන් බැහැලා යනවා වගේ. පෞද්ගලිකව මට නං හුගක් දේවල් හිතෙනවා මගේ නිල ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන වේලාවල් වලට. ඒ කිව්වේ බස් එක.

මම වාඩාත් කැමති පොදු ප්‍රවාහන මාධ්‍ය විදියට කෝච්චියේ ගමන් යන්න උනාට මං කෝච්චියේ ගිහිං තියෙන්නේ අතේ ඇගිලි ගානටයි කකුලේ ඇගිලි ගානටයි ඊට වඩා ඕනනං තව හය හත් වතාවක් විතර වෙන්න ඇති. දුර ගමනකට කියලා ගියේ ඔය අතරින් නුවරයි වේයන්ගොඩයි හික්කඩුවටයි විතරයි. කෝච්චියේ තියෙන ඒ සද්දේටයි ඒක පැද්දෙන තාලෙටයි මං හරි කැමතියි. :) දුම්රිය ප්‍රවාහන මාධ්‍ය විදියට භාවිතා කරන්න තරං දුරක නෙමෙයි මගේ ගමනාන්ත දෙකම තියෙන්නේ.

ඕන්න ඉතිං කියාගෙන ආපු දෙයින් පිලී පැන්නනේ.

මං මේ කියන්න හැදුවේ අපිට බස් එකේ රු. … කීයකට හරි හතරැස් අඩියක් හම්බවෙනවා එක්කො හිටගෙන යන්න නැත්තං ඉදගෙන යන්න. ඉතිං ඔය හතරැස් අඩියේ ඉන්නකොට අපිට විවිධ දේවල් අහන්න දකින්න ලැබෙනවා නේ. අපි කැමති උනත් අකමැති උනත්. ඔය අතරේ අපිට ඇහෙනවනේ ඉතාම සුමිහිරි ගී පද රචනා සහිත සංගීතය, බොරළු විසික් කරන්නා වගේ ඇහෙන ඉමිහිරි වාග් සංවාද ඒ විතරක් ද කැකිරි පලන්නා වගේ ඇහෙන කිංකිනි හඩ වල්. (පාවිච්චි කරපු වචන ටික හරි මදිද මංදා) පංකාදු පහයි එව්වා. ඕන්න ඔය වේලාවක මගේ හිතට ආවා පොඩි අදහස් ටිකක්. කොයි තරං දුරට සාර්ථක ද කින්න නං දන්නේ නෑ. කාට හරි පුළුවං නං ඒ පද ටික ඊට වැඩිය හොදට ගලපන්න, ඒ ගැන මං වඩාත් සතුටු වෙනවා.

උදේ………….

උක්කුංගේ කෙකර නාදයෙන් බසයට ගොඩ වුනු මම
දැන් සිටගෙන සිටින්නේ කැකිරි පලන ස්පීකරය ලග
කකුල් කඩිත්තුව සෑදෙනකං හිටගෙන යන අපව
DJ ආරා ගේ මෝඩ jokes සැනසුවා එවිට

හවස………………..

ටාසන්ගේ හා දාසන්ගේ හු හඩ මැද්දේ
නැගුනෙමි සෙනග පිරි 138 සද්දේ
හය හමාර පසුවේගෙන යන මෙවිටේ
                ඇසුනේ කණාමැදිරියේ මහා අදෝනාවකි ඒ පැත්තේ.        

 

පොදු ප්‍රවාහන භාවිතා කරන අපි ඒ වෙනුවෙන් ලබා දෙන සේවයට ගරු කිරීමක් කරන්නත් ඕන. කොච්චර අඩු පාඩු තිබුනත් මං මේ හැදුවේ ඒ ගැන මුකුත් කියන්න නෙමෙයි. අපේ කං වලට බලෙන් පුරවන්න හදන දෙයක් ගැන අදහසක් පල කරන්න විතරයි. එක්තරා විදියක බාල රසවින්දනයක් අත් විදින්න කියලා කියන අදොනාවක් වගේ තමා මට මේක දැනුනේ. කෙනෙක්ගේ රසවින්දනයට අවලාද නගන්නවත් අපහස කරන්න වත් නෙමෙයි මේ වෑයම මං දැරුවේ. අනික් අතට ඕවා ඉදිරිපත් කරන මිනිස්සුන්ට ඩිංගක් හරි මොලයක් තිබුනානං ඔය වගේ රසවින්දනයක් ඇතිවෙන්නෙත් නෑ, ඔයිට වඩා කොච්චර හොද වැඩ සටහන් හැදෙන්නත් තිබුනද කියලා මට ඒ වෙලාවේ හිතුනා.

යන රැල්ල අතින් ගයලා නවත්තන්න පුළුවං උනානං මේ වෙන කොටත් ඔව්වා නැතිවෙලා. ඒත් දැං ගොනා බැදගෙන කරත්තේ ගිහින් ඉවරනේ. අර පරණ සිංහල කියමනක් තියෙන්නේ නියපොත්තෙන් කපන්න තියෙන දේ පොරොවෙන් කපන්න තියන්න එපා කියලා. ආන්න ඒ වගේ තමා මෙව්වත්.ඉතිං මෙච්චර දුර ගිහිං තියෙන මෙවැනි දේ ගැන අපිට කරන්න පුළුවං වෙන්නේ මේ වගේ පුංචි හඩ ගෑමක් කරන්න විතරයි.

ඔන්න ඉතිං එහෙනං අදට මගේ සිතුවිල්ල හමාර කරනවා. ආයෙත් දවසක තවත් සිතුවිල්ලක් ලියන බලාපොරොත්තුවෙන්. :)

Entry Filed under: 1. .

4 Comments Add your own

  • 1. මලින්ත  |  June 5, 2008 at 6:10 pm

    නියම සිතුවිලි ටිකක්. අර බස් සහ රේඩියෝ චැනල් ගැන කියන කතාවනම් සියයට දෙසීයක් ඇත්ත.

    Reply
  • 2. නිදහස් අදහස්  |  June 6, 2008 at 9:39 pm

    ලංකාව කියන්නෙ කොහඔමටත් අනිත් එකාගෙ නිදහස අහිමි කිරීම ගැන ඕන තරම් උදාහරණ සපයන රටක්. ඒක නිසා ඔය බස් වල යන කොට අපිට බලෙන් සින්දු සහ අමන කතන්දර අහන්නට සලසවන ආකාරය එක උදාහරණයක්.

    Reply
  • 3. kasun  |  June 7, 2008 at 10:35 am

    අදත් නියමයි!
    මීට පස්සේ ලියන දේවල් විසි කරන්න එපා

    Reply
  • 4. Nilaksha  |  June 10, 2008 at 6:53 pm

    දිගටම ලියන්න. සුබපැතුම්!

    පුළුවන්නම් ඔබේ ලිපි වල අකුරුවල ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කරන්න. සාමාන්‍යයෙන් සිංහල යුනිකෝඩ් අකුරු ටිකක් ප්‍රමාණයෙන් කුඩාවටයි රෙන්ඩර් වෙන්නේ… ඒක ඔබේ පාඨකයින්ට පහසුවක් වෙයි.

    Reply

Leave a Comment

Required

Required, hidden

Some HTML allowed:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


චැට්

අතීත සටහන්

ප්‍රතිචාර

Blogroll

Blog Stats