මගේ මුළු සිත පුරාවට

June 13, 2008

මගේ පෙම වෙත ආදරයෙන් ලියමි

කියන්නට කිසිත් නොසිතන මොහොතක
දරා ගත නොහැකිව ඇද හැලෙන මේ පෙම
බිදින් බිද අහුලාගෙන
දැමුවා සිලි සිලි බෑගයකට
පිම්ඹා රිසි සේ ඈතට පියාඹන්නට
සිතුවේ යලිත් නොපැමිණෙයි කියා මම
එහෙත් අමතකව දැමුවේ
සිලි සිලි බෑගයකටය පෙම
කට තදින් බැන්දත්
මා තුලින් හමන සුලග
මදිවා වාගේ ඈත පියාඹන්නට බෑගයට
කැරකැවේ මා අසල ම
මොරදිදි මහා හයියෙන්
“දමාගනු මා ඔබේ සිත තුලට”
ඉදින් මා කුමක් කරමි ද ?
 යන්ට තැනු ඔබට මා යන්නට දුනිමි
තැලුනු සිත මා සතුය.
ඔබේ සැප මට සතුටකි.
එහෙත් පියාඹන්ට තනන පෙමට
කෙලෙස නම් මා යන්ට දෙන්න ද?
කිසිත් නොසිතා ඉන්ට බෑ මට
ඇදලා ගත්තෙමි සිලි සිලි බෑගය
යලිත් මා ලගට
උතුරන කදුලින් යුතුව
ලිහා දැම්මෙමි එහි ගැටය මා දැමු
පුරවා ගත්තෙමි……..
එහි තිබු ඔබේ පෙම යලිත්
මගේ මුළු හිත පුරාවට.

ඉදින්
නොලැබුනද ඔබව මට කිසි දිනක
යලිත් මා පෙම් කරන්නෙමි ඔබට
මා මියැදෙන තුරාවට

Entry Filed under: 1. .

2 Comments Add your own

  • 1. නිදහස් අදහස්  |  June 13, 2008 at 9:43 pm

    ප්‍රේමය විටෙක සතුටක්ද විටෙක දුකම ද ගෙන දෙයි. මේක කියවන කොට “මළවුන්ගෙ අවුරුදු දා” මතක් වුනා.

    Reply
  • 2. චානක ද සිල්වා  |  June 18, 2008 at 4:55 pm

    ඉතා හෝඳයි. දිගටම ලියන්න……

    Reply

Leave a Comment

Required

Required, hidden

Some HTML allowed:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


චැට්

අතීත සටහන්

ප්‍රතිචාර

Blogroll

Blog Stats