නිදහස් වෙමිද ඔබ මෙන්
June 16, 2008
මහ සෙනග පිරුණු තැන
හුදකලා වෙලා මම
නොයෙක් සිතුවිලි අතර
ඇවිද යමි පෙරට මම
මිහිරි සුමිහිරි සිහින දැක
ඔබ නිදයි කඩ පිලක් මත
ඔබේ පැතුම් කඩ වී නැත
කිමද ඔබට එවැන්නක් නැති සැටිය
මගේ පැතුම් කඩ වී ඇති සැටිය
කිමද මට එවැන්නක් ඇත
අනුන් හට ඔබ උන්මත්තකයකි
මට ඔබ නිදහස් මිනිසෙකි
ඉගෙනීම කරට ගෙන
සටහන් පොත්, ගේ දොර ඉඩකඩම්, යාන වාහන මතම
හැල්මේ දුවන ජීවිතයට
එයින් තොර ලොවක් නැත
වෙහෙසයි මට මහත්
එහෙත් කෙසේ නිදහස් වෙමිද මම
ඔබ මෙන්
Entry Filed under: 1. .
3 Comments Add your own
Leave a Comment
Some HTML allowed:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>
Trackback this post | Subscribe to the comments via RSS Feed
1.
නිදහස් අදහස් | June 16, 2008 at 1:46 pm
අපි මේ දුවන දිවිල්ලට හති වැටිලා විතරක් නවතින්නෙ නෑ. ඒක නතර වෙන්නෙ සමාජ ප්‍රශ්න බවට පත් වෙලා. හොද නිර්මාණයක්.
2.
සහන් | June 16, 2008 at 10:08 pm
කාලෙකින් ඔබේ වියුණ සටහන් වලට ප්‍රතිචාරයක් දක්වන්නට නොහැකි වීම කණගාටුයි. සරළව හැඟුම් ප්‍රකාශ කර ඇති මෙම නිසඳැස ඉතාම අගෙයි. ඔබට හොඳ හැකියාවක් ඇත.
3.
kasun | June 19, 2008 at 1:12 pm
ඔබේ නිසඳැස අගෛයි. මට මේක කියවන විට මතක් වුනේ ‘හද බිඳි සර..’ හි සූ අක්ක ලියපු මේ සටහන.
<a href=”http://suonline.blogspot.com/2008/05/veronica-decides-to-die-wouldnt-it-be.html”http://suonline.blogspot.com/2008/05/veronica-decides-to-die-wouldnt-it-be.html