මා ගිය විනෝද ගමන
June 17, 2008
පයිතගරස්ගේ කෝණයෙන් බලා
සරල අනුවර්තී චලිතයක
නීල්ස් බෝර් සමග ඉලිප්සයක ගමන් කල මම
නිව්ටන්ට අවනතව ගුරුත්වය යටතේ
සිරස් චලිතයෙන් පොලොවට වැටී
ෆ්ලෝයමයක් ඔස්සේ ශාක පත්‍රයක
මයිටකෝඩ්‍රියාවක් තුලට ගමන් කෙලෙමි.
අහෝ මා හරිතලවයක සිර වුයෙමි
ඉදින් හිරු එළිය වැටෙන විට
ප්‍රභාසංස්ලේෂණයේ ආධාරයෙන්
ඔක්සිජන් අණුවක් විලස
ශාක පත්‍රයෙන් මිදි
මගේම හුස්ම පොද වී
ශරීර කූඩුව තුල ස්ථානගත වීමි.
අහෝ ඛේදයකි සිහිනය නිමා විය .
Entry Filed under: 1. .
6 Comments Add your own
Leave a Comment
Some HTML allowed:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>
Trackback this post | Subscribe to the comments via RSS Feed
1.
SRIshanu | June 17, 2008 at 11:57 am
මරු ගමන…
මටත් යන්න තිබුනනං…
2.
නිදහස් අදහස් | June 17, 2008 at 1:20 pm
කොහොමද අප්පේ මේවා මතක තියාගෙන ඉන්නෙ. උසස් පෙළ මතක් වුනා. විද්‍යාත්මක දේවල් ලියන කොට විෂය දන්නෙ නැත්තම් අමාරුවෙ
3.
සුපුන් සුදාරක | June 17, 2008 at 7:15 pm
අහ් මෙන්න නියම විනෝද ගමන! මටත් වෙලාවක ආපහු යනකොට අඬගහන්න අමතක කරන්න එපා! මොකද මම මේ පාර සා.පේ ලියනවා…
මේක මම මේ බ්ලොග් එකට ලියන පළවෙනි ප්‍රතිචාරය. නියමයි! සුදාරකගෙන් ඔබට සුභ පැතුම්! දිගටම ලියන්න….
4.
kasun | June 19, 2008 at 11:14 am
නියමයි!
දිගටම ලියන්න.
5.
නන්දලාල් | July 9, 2008 at 8:53 pm
සිහිනයකින් දැණුම වැඩීම!
6.
නිලන්ත | July 10, 2008 at 10:58 am
ඇත්තෙන්ම මෙපැදියේ ඇති වදන් පාසැල් කාලය සමඟ පමණයි නේද අප හා සිටියේ. “ප්‍රභාසංස්ලේෂණය”, “අනුවර්තී චලිතය” වැනි වදන් අපූරු මිහිරක් සිතට ගෙන එනවා.
පැදිය අපූරුයි. දිගටම ලියන්න