දුටිමි මැකී ගිය පා සටහනක්
June 23, 2008
කාලෙකට පසු දැක ඔබව
බලා සිටියෙමි සිත පුරා
එහෙත් ඔබ මා නොදැක විලසින්
සිටියේය අහක බලා
අත්වැල් නොඇල්ලුවද හැබැයින් කිසිදිනෙක
එහෙත් සිතින් සිතා ගෙන අපමණ වර
ඇවිද ගියෙමි හිස් මාවත් වල මම ඔබ සමග
ඔබ දැන සිටියාද එය.
ඔබ කෙසේ දැන ගන්න ද
එ දවස කට කොනින් සිනා වෙනු මිස
සිතේ ඇති දේ
නොපැවසෙමු අප මුවින් කිසි කලෙක
දැන් නම් ඔබ මට ආගන්තුකයෙකු බදුය
එ දවස තිබු හැගුම්
නොමැත දැන් සිත් කොනක
මතක් වී ඒ හැගුම්
මට තනිව සිනා පහල විය
යනෙන මාවතක් බදු මේ ජිවිතෙය
කෙතරම් පා සටහන් ඇතිද පසු කෙරුණු
එකක් දෙකක් හැර අන් සියල්ලම මැකි ගොස්ය
අළුත් අළුත් සටහන් මතුවන මේ ජිවිතේ
ඉද හිට මතු වෙනා ක්ෂණිකයෙන් මැකි යන
පා සටහනකි දැන් ඔබ
මාවතේ ඇවිද ගිය නොයෙක් පා සටහන් අතර
තිර නොවු ඔබේ සටහන දැක
ඇති වී නැති වී යන සියළු දේ ගැන මට
සිනා පහල විය.
ඉදින් මා ඉවත බලා ගත්මි.
Entry Filed under: මගේ ලිපි ගොනුව. .
4 Comments Add your own
Leave a Comment
Some HTML allowed:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>
Trackback this post | Subscribe to the comments via RSS Feed
1.
නිදහස් අදහස් | June 23, 2008 at 3:15 pm
“අත්වැල් නොඇල්ලුවද හැබැයින් කිසිදිනෙක
එහෙත් සිතින් සිතා ගෙන අපමණ වර
ඇවිද ගියෙමි හිස් මාවත් වල මම ඔබ සමග
ඔබ දැන සිටියාද එය.”
ප්‍රේමය සමඟ බැදී ඇති සිහින අපමණයි, අනන්තයි. සමහර වෙලාවට අපි හිතින් ගොඩාක් දුර ගිහින් ඉවරයි හැබෑවටම ලං වෙන්න බැරි වුනත්. ඒක තමයි හැටි
2.
කසුන් | June 24, 2008 at 11:10 am
ජීවිතයේ බොහෝ අත්දැකීම් වල පොදු සමානතාවයක් තිබෙනවා වගේ. මටත් ඔය හැඟීම එක ආකාරයකට ලංව තිබෙන්නක්…
3. මැකී නොගිය පිය සටහන් .. « Code Of Imagination | February 18, 2009 at 11:32 am
[...] කලකට පෙර ‘සිතුවිලි‘ හි පළවු මේ කව තුලින් ප්‍රකාශිත මනෝභාවයන් ඒ [...]
4. මැකී නොගිය පිය සටහන් .. « QUOTE of IMAGINATION | February 22, 2009 at 1:34 pm
[...] කලකට පෙර ‘සිතුවිලි‘ හි පළවු මේ කව තුලින් ප්‍රකාශිත මනෝභාවයන් ඒ [...]