අපි හෘද සාක්ෂිය මුදලට උකස් කර ඇත්තෙමු.
July 2, 2008
මා පලකල අවසාන ලිපියෙන් පසු සතියකට වඩා කාලයක් ගතවී ඇතත් ඒ අතර කාලය තුල හරියාකාර ලිපියක් හෝ සටහනක් පල කර ගත නොහැකි විය. ඊට බලපැ බලවත්ම හේතුව වුයේ මා දැඩි ලෙස අසනීප වීමයි. තවමත් එයින් මා පීඩා විදිමින් සිටි. තරමක් දුරට හෝ අසනීප තත්වය යටපත් නොවීම නිසා කිසිදු සිතුවිල්ලක් හෝ අදහසක් ඇති නොවුයෙන් කිසිවක් ලියා ගත නොහැකි විය. ඇත්ම්විට එය මා තුල ඇති වු අලස කම හා දැඩි එපා වීම ද විය හැක. අතැම් විට මෙයාකාරයෙන් ලිවීම පවා නවතා දමන්නට ද සිතුණි. සමහරක් විට කාලයත් එක්ක ලියන්න අදහස් ආවාම නොලියා ඉන්න බැරි වෙනවා.
ඔන්න ඉතිං එහෙනං අද මගේ සිතුවිල්ල මේ විදිහට පටන් ගන්නයි හදන්නේ. අවසාන සටහන් දෙකට ලැබුනු ප්‍රතිචාර වලට ස්තුතියි කියන අතර මේ විදිහට ලියන්න එම අදහස් හුගක් මහොපකාරි වෙනවා.
මාගේ අවසාන ලිපියෙනුත් ඔබට පණිවිඩයක් දෙන්න උත්සාහ කලා. එහි සාර්ථක භාවය රඳා පවතින්නේ එයින් ඔබ ලබා ගත් දේ අනුව. කෙසේ වෙතත් අද මා මෙහි සටහන් කිරිමට යන්නේ හුදෙක් මා තුලින් පැන නැගි මගේම සිතුවිලි නො වුවත් අප අසල් වැසි රටෙහි මීට වසර දෙකකට එනම් 2006 වසරෙදී විශ්‍රාම ගත් ඉන්දියානු හිටපු ජනාධිපති ආචර්ය අබ්දුල් කාලාම් හයිද්‍රාභාද්හි දී පැවැත් වූ දේශනය අඩංගු ලිපියේ සිංහල පරිවර්තනය කල ප්‍රණීතා අබේවික්‍රමයන්ගේ ලිපියෙහි ඇතැම් කොටස් කප්පාදු කොට එය හුදෙක් ශ්‍රි ලංකාවට ගැලපෙන අයුරින් සකස් කිරීමෙනි.
ප්‍රණීතා අබේවික්‍රමයන් විසින් පරිවර්තනය කොට සනස් කල ලිපිය ඔබ කියවා ඇතැයි සිතමි. එහිදි ඇය ඉන්දියාව වෙනුවට ශ්‍රි ලංකාව යොදා ආදාල ලිපිය කියවන ලෙස ලිපිය ආරාම්භයෙදීම සටහන් කොට තිබිනි. මා මෙහිදි ඉන්දියාව වෙනුවට ශ්‍රි ලංකාව භාවිතා කරමි. තවද මෙම ලිපිය මා විසින් කියවනු ලැබුයේ මීට වසර දෙකකට ඉහත දී වුවද එහි අඩංගු කරුණූ අදටත් එලෙසම ගැලපේ. මෙයට මා ශ්‍රි ලංකාව යන්න යෙදුවද මෙම සියලු අදහස් ආචාර්ය අබ්දුල් කාලාම්ගේ බව මතක තබා ගන්න. මෙම දේශනයෙදී ඔහු තම රටෙහි නිෂ්පාදනයන් හා ඇතැම් නගර ගැන සඳහන් කරයි. එම කරුනූ මා විසින් කප්පාදු කරන ලදී.
” අපේ ශක්තිය සහ ජයග්‍රහණ පිලිගැනීමට ශ්‍රි ලාංකිකයන් වන අප මෙතරම් මැලිකමක් දක්වන්නේ ඇයි? අපි ඉතා ශ්‍රේෂ්ඨ ජාතියක් වෙමු. පුදුමාකාර ජයග්‍රහණ රැසක් අප සතුය තිබුනත් ඒවා ඇති බව පිලිගැනීම අපි ප්‍රතික්ෂේප කරමු. ඒ ඇයි? ස්වාධීනව ඉදිරිමට යමින් නැගි සිටි මිනිසුන් අප රටෙහි සිටි. එවන් ජයග්‍රණ ඕනැ තරම් ඇත. එහෙත් අපේ ජනමාධ්‍ය උනන්දු වන්නේ
නරක ආරංචි, පාරාජය වීම් සහ විනාශයන් ගැන පමණි. වරක් මම (ආචාර්ය අබ්දුල් කාලාම්) ටෙල් අවීව් නගරයෙදී ඊශ්‍රායල පුවත් පතක් කියෙව්වෙමි. ඊට පෙර දින එහි ප්‍රහාර, බෝම්බ පිපිරීම් හා මරණ රැසක් සිදුවී තිබුණි. හමාස් සංවිධානය විසින් ප්‍රහාර එල්ල කර තිබුනි. එහෙත් පුවත්පතේ මුල් පිටුවේ ඡායාරූපයෙහි දැක්වුනේ වසර පහකින්, කලින් කාන්තාරයක්ව තිබු තම ගෙවත්ත උයනක් හා ධාන්‍යාගාරයක් බවට හැරවු යුදෙව්වකු පිලිබදවය. එදින උදෑසන සෑම කෙනෙකුම දුටුවේ මේ ප්‍රබෝධමත් ඡයාරූපයයි. මිනී මැරුම්, බෝම්බ පිපිරීම්, මරණ ආදිය පිලිබද ලේ වැගිරෙන විස්තර තිබුණේ ඇතුළු පිටු තුළ සෙසු පුවත් අතර සඟවාය. එහෙත් අපේ රටේ දී අප
කියවන්නේ මරණ, ලෙඩ රෝග, ත්‍රස්තවාදය, අපරාධ ආදිය ගැනයි. අප මෙතරම් සෘණාත්මක ඇයි?
තවත් ප්‍රශ්නයක් ජාතියක් ලෙස අප මෙතරම් විදේශීය දේ වැළඳගන්නේ ඇයි? අපට ඕනෑ විදේශිය රූපවාහිනී, විදේශීය කමිස, විදේශීය තාක්ෂණයයි. ආනයනය කරන ඕනෑම දෙයක් කෙරෙහි ඇති මේ ඇල්ම කුමක් ද? ආත්ම ගරුත්වය පැමිණෙන්නේ ආත්ම විශ්වාසය සමඟ බව අපට වැටහෙන්නේ නැද්ද?
අපේ රජය ආකාර්යක්ෂම බව ඔබ කියයි. අපේ නීති පැරණි වැඩි බව ඔබ කියයි. නගර සභාවෙන් කුණු එකතු කරගෙන යන්නේ නැති බව ඔබ කියයි. දුරකථන ක්‍රියා විරහිත වී ඇති බව, දුම්රිය සේවය විහිළුවක් බව ඔබ කියයි. අපේ ගුවන් සේවය ලෝකයේ නරකම ගුවන් සේවය බවත්, ලියුමක් කිසිදාක එය යා යුතු ස්ථානයට ළඟා නොවන බවත් ඔබ කියයි. අපේ රට බල්ලාට ගොස් ඇති බවත්, වළට වැටී ඇති බවත් ඔබ කියයි.
ඔබ දිගින් දිගටම කියයි, කියයි, කියයි. ඒ ගැන ඔබ කරන්නේ කුමක් ද? පුද්ගලයෙකු සිංගප්පූරුවට ගෙන යන්න. ඔහුට ඔබේ නම දෙන්න. ඔබේ මුහුණ දෙන්න. ගුවන් තොටුපොළෙන් පිටතට යන විට ඔබ හැඳ සිටින්නේ පිටරට යන විට අඳින ඔබේ හොඳම ඇඳුමයි. සිංගප්පූරුවේ දී ඔබ සිගරට් කොට පාරේ හැම තැනම විසි කරන්නේ නැත. වෙළෙඳ සල්වලදී ආහාර ගන්නේ නැත. ඔබද ඔවුන් තරම්ම ඔවුන්ගේ උමං මාර්ග ගැන ආඩම්බරය. සවස 5 සිට 8 දක්වා ඔර්චර්ඩ් පාර දිගේ වාහනය පැදවීම සඳහා ඔබ ඩොලර් 5ක් ගෙවයි. ඔබ කුමන තරාතිරමේ කෙනෙකු වුවත් ඔබ ආපන ශාලවක හෝ සාප්පු සංකීර්ණයක වැඩි වේලාවක් කාලය ගත කරන්නේ නම් රථ ගාල වෙත ආපසු පැමිණ වාහනය ගාල් කිරීම අවසර පතේ කාලය දීර්ඝ කර ගනී. සිංගප්පූරුවේ දී ඔබ ඊට කිසිවක් කියන්නේ නැත. එහෙම නේද? ඩුබායිහි දී ඔබ රාමසාන් උපවාස කාලය තුළ ප්‍රසිද්ධියේ කෑම ගැනීමට තරම් නිර්භීත වන්නේ නැත. ජෙඩාහිදී හිස ආවරණය කර නොගෙන පිටතට යාමට තරම් ඔබ නිර්භීත වන්නේ නැත. ලන්ඩනයේ දී ඔබ තමන්ගේ දුරකථන වියදම් වෙනත් කෙනෙකුගේ බිල්පතට හැරවීම සඳහා දුරකථන හුවමාරු මධ්‍යස්ථානයේ නිලධාරින් මසකට පවුම් 10ක මුදලකට මිලට ගැනීමට නිර්භීත වන්නේ නැත. වොෂින්ටනයේ දී ඔබ පැයට සැතපුම් 55ට වඩා වේගයෙන් රිය පදවා “මම කව්ද කියලා දන්නවද? මම අසවලාගේ පුතා. මේ සල්ලි අරන් යනවා යන්න” යැයි පොලිස් නිලධාරින්ට කීමට තරම් නිර්භීත වන්නේ නැත. ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ මුහුදු වෙරළේදී ඔබ පොල් කටුවක් කුණු බාල්දියට හැර වෙනත් තැනකට දමන්නේ නැත. ඔබ ටෝකියෝවේදී. පාරේ කෙළ ගසන්නේ නැත. බොස්ටන් නුවරදී ඔබ තමන් වෙනුවෙන් විභාග ලිවීමට වෙනත් කෙනෙකු නොයදවන්නේ හෝ හොර සහතික මිලදී නොගන්නේ ඇයි? තවම අප කතා කරන්නේ එකම ඔබ ගැනයි. වෙන රටවල ඇති විදේශීය ක්‍රමවේදයන්ට ගරු කරන සහ අනුගත විය හැකි, එහෙත් තම රටේදී එසේ කළ නොහැකි ඔබ ගැනමය. තම මව් භුමියට පය තැබු හැටියේ පාර පුරා කඩදාසි කැබලි සහ සිගරට් කොට විසි කරන ඔබ ගැනය. වෙනත් රටකදී සංවර්ධන ක්‍රියාවලියට සම්බන්ධ , සියලු දේ අගය කරන පුරවැසියකු වීමට ඔබට හැකි නම් තමංගේ රටේදී ඔබට
එසේ කළ නොහැකි ඇයි?
පොහොසත් මිනිසුන්ගේ බල්ලන්ට ශරීර කෘත්‍යය කරවීමට පාර දිගේ ඇවිද්දවනවා. ඉන්පසු ඒ පොහොසතුන් අනෙක් අතට අපිරිසිදු පදික වේදිකා සහ අකාර්මක්ෂමතාව ගැන බලධාරින්ට චෝදනා කරමින් ඔවුන් විවේචනය කරනවා. ඔවුන් කියන්නේ කුමක් කල යුතුයි කියා ද? ඔවුන්ගේ බල්ලන්ට අවශ්‍යතාව ඇතිවන සෑම වරකම කොස්සක් හෝ ඉදලක් ගෙන ඔවුන් පසුපස යන්න ද? ඇමෙරිකාවේ නම් තම සුරතලා පාරේ කැත කල විට එය පිරිසිදු කිරීම ස්වාමියා විසින් අනිවාර්යයෙන් කල යුතුයි. ජපානයේ ද එසේමයි.
එහෙත් අපේ රටේ පුරවැසියෙකු මේ රටේ දී එසේ කරයි ද?
අපි ආණ්ඩුවක් තෝරා ගැනීම සඳහා ඡන්දය දැමීමට යමු. ඉන්පසු අපේ වගකීම සියල්ල අත්හරිමු.
අපෙන් සම්පූර්ණයෙන්ම සෘණාත්මක දායකත්වයක් ලබාදෙන අතරම අප සැප පහසුවට තබා ආණ්ඩුව අප වෙනුවෙන් සෑම දෙයක්ම කරනු ඇතැයි අපි අපෙක්ෂා කරමු. පිරිසුදු කිරිමේ කාර්යය ආණ්ඩුව විසින් කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එහෙත් කුණු දැමීම නැවැත් වීම හෝ මඳකට නැවතී බිම වැටී ඇති කඩදාසි කැබැල්ලක් අහුලා එය කුණු බක්කියට දැමීම අප කරන්නේ නැත. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පිරිසිදු වැසිකිලි ලබා දිය යුතු බව අපි අපේක්ෂා කරමු. එහෙත් වැසිකිළියක් නියම ලෙස පාවිච්චි කිරිමට අප උනන්දු වන්නේ නැත. තම රටේ ගුවන් සේවය හොඳම ආහාර පාන හා සනීපාරක්ෂක ද්‍රව්‍ය සැපයිය යුතු යැයි කියමු. එහෙත් ලැබෙන සුළු අවස්ථාවක දී වුවත් සුළු හොරකමක් කිරීම අප නවතන්නේ නැත. මහජනතාවට සේවා සපයන සේවක මණ්ඩල වලට ද මෙය අදාළ වේ.
කාන්තාවන්, දෑවැද්ද, ගැහැණු ළමුන් සහ වෙනත් දැවෙන සමාජ ගැටළු වලට එරෙහිව ප්‍රසිද්ධියේ මහ හඩින් විරෝධය පලකරන අපි අපේ ගෙවල්වලදී ඊට හාත්පසින්ම වෙනස් දේවල් කරගෙන යමු. අපේ නිදහසට කරුණ කුමක් ද? ” වෙනස් විය යුත්තේ සමස්ත ක්‍රමයමයි. එසේ නම් මේ ක්‍රමය වෙනස් කරන්නේ කව් ද? “
සමාජ ක්‍රමය සෑදි ඇත්තේ මොනවායින් ද? අපේ පහසුවට අප කියන්නේ එය අපේ අසල්වැසියන්, අනෙකුත් නිවාස, අනෙකුත් නගර, අනෙකුත් ප්‍රජාවන් සහ ආණ්ඩුව යන කොටස්වලින් සමන්විත බවයි. අප කියන ලෙසට අනිවාර්යයෙන්ම එයට ඔබ සහ මම අයිති නොවෙමු. අප කරන්නේ අපේ පවුලේ අයත් සමඟ ආරක්ෂක කෝෂයක් තුළට වැදිමයි. අප එසේ කර ” මිස්ටර් ක්ලීන්” කෙනෙකු පැමිණ ඔහු මේ ක්‍රමය අතුගා දමා අප වෙනුවෙන් ආශ්චර්යයක් කරනු ඇතැයි අපි දුර ඈත ඇති රටවල් දෙස බලා සිටිමු. එසේ නැතිනම් අපි අපේ රට හැරදමා පලා යමු. අප විසින් ඇතිකරගත් බියක් අප පසුපස හඹා එන විට කම්මැලි බයගුල්ලන් මෙන් ඇමෙරිකාවට දුවන අපි ඔවුන්ගේ යස ඉසුරු වල පහස ලබමින් ඔවුන්ගේ ක්‍රමය අගය කරමු. නිව්යෝක් නගරය අනාරක්ෂිත වූ විට අපි එංගලන්තයට දුවමු. එංගලන්තයේ රැකියා විරහිත බව වැඩිවන විට අපි ඊළඟ ගුවන් යානයෙන් ගල්ෆ් කලාපය බලා යමු. ගල්ෆ් කලාපයේ යුද්ධය ඇරඹුණු විට අපි, අප බේරාගෙන නැවත මවු රටට ගෙන්වා ගන්නා ලෙස රජයට බල කරමු. හැම කෙනෙක්ම රට ආයෝජනය කිරීමට සහ දුෂණය කිරීමට සැදී පැහැදී සිටිති. මේ ක්‍රමය පෝෂණය කළ යුතු බව කසිවෙකුත් නොසිතයි. අපේ හෘද සාක්ෂිය මුදලට උකස් කර ඇත. ආදරණීය රටවැසියනි, මෙම ලිපිය බොහෝ සිතිවිලි උත්පාදනය කරවයි. එය ආත්ම පරීක්ෂාවට ආරාධනා කිරීමකි. එය කෙනෙකුගේ හෘද සාක්ෂිය රිදවයි.
ජේ. එෆ්. කෙනඩි ඇමෙරිකානුවන්ට කී වචන මම මෙහිදි අපට අදාල කර කියමි. ” අප රට වෙනුවෙන් අපට කල හැක්කේ කුමක්දැයි අසන්න. ඇමෙරිකාව සහ සෙසු බටහිර රටවල් අද සිටින තත්වයට අප රට ගෙන ඒම සඳහා කළ යුතු දේ කරන්න. අප රටට අපෙන් අවශ්‍ය දේ අපි කරමු.” “
Entry Filed under: 1. .
4 Comments Add your own
Leave a Comment
Some HTML allowed:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>
Trackback this post | Subscribe to the comments via RSS Feed
1.
නිලන්ත | July 3, 2008 at 12:51 pm
ලිපිය අනගියි. අපි අපිවම පුබුදුවමු. මා මීට පෙර අබ්දුල් කලාම් මහතා ගේ මෙවැනිම වූ ලිපයක් කියවා ඇති බව යන්තමින් මතකය. එය සිංහලෙන් ද ඉංගිරිසයෙන් ද කියා මතක නැහැ. නමුත් මේ කරුණු එහිත් තිබුනා. තව දුරටත් එහි යෝජනා කිහිපයකුත් තිබුන බව මතකයි. මට ඒ සියල්ලම මතක නැහැ. නමුත් කිහිපයක් මතකයි.
අ. සාක්ෂරතාවය ඇති අය අඩුම තරමේ සාක්ෂරතාවය නැති එක් අයෙකුට හෝ එය ලබා දීම.
ආ. රට වෙනුවෙන් පැල 10ක් වත් රෝපණය කිරීම.
ඇ. එක් අයෙකුවත් නරක පුරුදු (මත් ලෝලීතාවය ආදි) වලින් මුදවා ගැනීම.
වගේ කරුණු 10ක් අඩංගු වුනා. කෙසේ නමුත් නැවත ලිපියට තියු.
2.
නන්දලාල් | July 3, 2008 at 9:02 pm
මඑම ලිපිය කියවන්න ආසයි. මෙම භ්ලොග් වල “සිනාසී හඬමි 1 හා 2″ සහ “ලාංකිකයෝ” ලිපි ද මෙලෙස අදහස් පවසයි.
වෙන රටවල මිනිසුන් බොහෝවිට (සැමදෙනාම එසේ හැසිරෙන්නෙ නෑ!) මෙහි සඳහන් පරිදි හැසිරෙන්නේ ඇයි? රටට ආදරය නිසා ද? නීති ගරුක නිසාද? අනුන් ගැන සිතන නිසා ද?
මෙන්න මෙතනයි පිලිතුර සැඟවී ඇත්තේ……..
3.
aravindablog | July 4, 2008 at 4:08 pm
සිතුවිලි යන වචනය වැරදිය. එය සිතිවිලි ලෙස නිවැරදි වේ නම් බොහො ම අගෙයි.
4.
නිදහස් අදහස් | July 5, 2008 at 9:17 pm
“අපි ආණ්ඩුවක් තෝරා ගැනීම සඳහා ඡන්දය දැමීමට යමු. ඉන්පසු අපේ වගකීම සියල්ල අත්හරිමු”
ඒක ලංකාවේ උපන් ගතියකි. තමන්ගේ පෞද්ගලික ගේම් වලට කෙල වෙයි කියන බය නිසා හැම විටම දේශපාලනයෙන් ඉවත් වී සිටීමට අපේ අය ගොඩක් කැමතිය. “අපිට වැදගත් වැඩ ඇත. ඒක නිසා ඕවට වෙලාව නෑ” . කෙල වුන විට පස් පඩංගුවේ බැණ වදිමු. ලංකාවේ දී මුලින්ම මිනිස්සුන්ගෙ ගති ස්භාවයන් වෙනස් කිරීමේ සමාජ ව්‍යපාරයන් අවශ්‍යයව තිබේ. ප්‍රශ්නය දියසේන කුමාරයන් ඉබේ පහළ වී ඒවා ඇති නොකරන අතර ඒවා වෙනුවෙන් කැපවීමට අවශ්‍යයව තිබීමයි.