විලංගුව බිඳින්නට
July 8, 2008
ජිවිතේ විදින්නට මා දැරු තැත
නැති වුනා මා මෙලොව ආ දින
සියළු දේ විදින නොයෙක් මිනිසුන් මැද
තනි වෙලා මම මටත් නොදැනිම
අනියතයි අනියතයි යැයි කෑ ගසන හඩ
ඇසෙනවා මට ඈත දුර සිට
සිතුවිලි ලං වුනත් ඒ හඬට
හැබැයින් යන්න බැරි ඇයි මේ මට
මෙලොව එලිය දුටු දා සිට
විලංගු දාගෙන අපි අපට
බිඳලන්න සිතු හැම මෙහොතක
තව තවත් බැඳෙනවා විලංගුවටම
එහෙත් ……….
අත්නොහලමි මගේ උත්සාහය
හිමිවන තෙක් මට මාව
බිඳිනවා යම් දවසක විලංගුව
නමුත් විරසකයි මව් එදිනට
සමාවෙයන් අම්මේ මට එදාට
Entry Filed under: 1. .
4 Comments Add your own
Leave a Comment
Some HTML allowed:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>
Trackback this post | Subscribe to the comments via RSS Feed
1.
නිදහස් අදහස් | July 8, 2008 at 1:45 pm
විලංගු බිඳින එක අමාරුයි. මොකද බලාගෙන ඉන්න අයගෙ ආතල් කැඩෙන නිසා. නමුත් විලංගු නොබින්දොත් සමාජ ප්‍රගමනයක් වෙන්නෙ නෑ. හොඳ සටහනක්
2.
කසුන් | July 8, 2008 at 6:31 pm
විවිධ වූ සමාජ සම්මතයන්ගේ සිට භාෂාව දක්වා සියල්ල එක් ආකාරයක විලංගු තමයි. ඒ සමහර දේ නම් අනිවාර්්‍යයෙන් කඩා බිඳ දැමිය යුතුයි. ඒත් සියල්ල එසේ කල හැකිද?
මා දකින විදියට වේදනාකාරීම විලංගුව තමයි භාෂාව. සිතට දැනෙන අනේක විධ හැඟීම්, සිතුවිලි භාෂාව තුල විලංගු දාලා. හැඟීම් ඒ අයුරින්ම අකුරු හෝ වචන මඟින් ප්‍රකාශ කල හැකි නම්….
3.
පඩුවස් | July 10, 2008 at 9:10 pm
අතේ ඇඟිලි පහ වගේ මිනිස්සු එක එක විදිහයි.අවාසනාවට හැමෝටම නිවුනු සිත් නැහැ…ඔබ නිහඬව ඉන්න.සොබා දහම
පිලිතුරු දෙනවා.ඒක එහෙම තමයි.
සයුර උනත් අඬන්නෙ වෙරලක් තිබුනොත් විතරයි.
4.
පඩුවස් | July 12, 2008 at 12:06 am
බොහෝම ස්තුතියි උනන්දු කරනවට වැඩට ගිහින් ඇවිල්ලයි
ලියන්නෙ මේ කතාව ඉස්සරහට ගොඩාක් ලස්සනයි.