වංක නොමැති මිතුරුකමේ සතුට !
July 9, 2008
මිනිසුන්ගේ ඇතැම් හැසීරීම් රටාවන් ගැන දැඩි කලකිරීමක් ඇති වු වේලාවක ලියන සටහනක් මේක. හිතේ තියෙන වේදනාව පිට කරගන්න මං මේ සටහන තබන්න හිතුවා. වෙනදටනං මං මටම කියාගෙන අමතක කරනවා ඇත්තෙන්ම අමතක කරන්න උත්සහ කරනවා. මේ වේලාවේ මටම කියාගන්න විදිහක් නැති නිසා අමතක කරන්න උත්සහ කලත් ඒක කරන්න අමාරුයි. ඒ නිසයි පැත්තකට වෙලා ලියන්න හිතුවේ.
රිදුම් දෙන කරුස වචන පිට නොකරන් මිතුර
අනෙකුන් සිත රිදෙනා බව නොදෙන්නේද මිතුර
තමන්ගේම නිවැරදි බව සිතන්නේ ඇයි මිතුර
දෙනෙත් හැර බලන් ඔබයි මෝඩ මිතුර
කිසිම රසක් නොමැති බසක් දොඩන්නේ ඇයි මිතුර
අනෙකගේ සිතුවිලි පොඩි කලාම ඔබ දිනුම් ද මිතුර
කිසිත් නොදොඩා සිටීම නම් මෝඩකම ද මිතුර
අනෙක් අයගේ අදහසකට ගරු කරපන් මිතුර
තමන්ගේ ඔළුවේ තරමට ඉදිමියන් මගේ මිතුර
නොදන්නාකමට කට දාන්නට එපාය මගේ මිතුර
කුකුළු කරමලේ බල ටික වෙලාවයි නේ මිතුර
අහිංසකව කියන දේත් අහං ඉදින් මිතුර
මහ හයියෙන් දෙඩවීමත් ලොකු කමක් ද මිතුර
අනෙක් එවුන් අත දුන්නට ඔබ දිනුම් ද මිතුර
පිරුණු කලේ දිය නොසැලෙන බව නොදන්නේ ද මිතුර
තමන් නොදන්නාකම ඇයි කියාපාන්නේ මිතුර
සියල්ල දත් කෙනෙක් වෙන්ට නුඹට නොහැක මිතුර
අනෙක් එවුන් කියනා විට අහන් ඉදින් මිතුර
හැම තැනදිම කියවීමත් අතඇරපන් මිතුර
එවිට නුඹේ මෝඩකමත් නැතිව යාවී මිතුර
තමංගේ අදහස් විතරක් හරියනවද මිතුර
තමං දන්න දේ උනත් අහං ඉදින් මිතුර
සියළුදෙනා මිතුරු බවද සිතන්නේ ඔබ මිතුර
හැම දෙනාම ඔබ වගේම රැවටිල්ලකි මිතුර
බොරුවේ මිතුරුකමක් නැතේ එයයි ඇත්ත මිතුර
බොරුවට මිතුරකු වන්නට බැහැනේ මගේ මිතුර
මිතුරුකමත් හරියට දෙන්න ඉගෙන ගනිං මිතුර
මුහුණට එකක් පිටට එකක් නොපෙන්නපං මිතුර
අවංකවම මිතුරු වන්න ඉගෙන ගනිං මිතුර
මිතුරුකමේ වංකකමට ඉඩක් නැනේ මිතුර
මිතුරුකමට අරුථක් වෙන කෙනෙක් වෙයං මිතුර
වංක නොමැති මිතුරුකමේ සතුට විදින් මිතුර
Entry Filed under: 1. .
8 Comments Add your own
Leave a Comment
Some HTML allowed:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>
Trackback this post | Subscribe to the comments via RSS Feed
1.
නිලන්ත | July 9, 2008 at 3:57 pm
මොකක්ද කොල්ලො උනේ. බොහොම කලකිරිලා වගේ. එච්චර හිතන්න එපා.
2.
නන්දලාල් | July 9, 2008 at 7:59 pm
හරි ලස්සන කවි පෙලක්. මිතුරු කම දැනගන්න කියවන්න හැමටම හොඳයි.
හොඳ මිතුරෙකු ඔබෙ වරද ඔබට පෙන්වා දෙයි
3.
නිදහස් අදහස් | July 10, 2008 at 4:41 pm
එක පාරට මොකද වුනේ? කලකිරෙනවා තමයි වෙලාවකට. මොනව කරන්නද?
4.
ඔහේ | July 12, 2008 at 3:42 am
මගේ හැඟීම,
මිතුරුදම කියන්නේ ස්වභාවධර්මයේ නීතී මාලාවට යටත් එක් හැඟීම් සමුදායක්. එනිසා එහි ස්වභාවය හැමවිටම සත්ව ක්‍රියාකාරීත්වයක්.
5.
කසුන් | July 12, 2008 at 8:11 am
අපි හැමෝගෙම අතින් යම් යම් වේලාවට අන් අයගේ සිත් රිදවීම් සිදුවෙනව. දැන හෝ නොදැන. — මම නම් එවැනි කලකිරීමක් ඇතිවුනාම හිත හදා ගන්නවා ඔය විදියට හිතලා. ඒත් සියල්ල ගැන දැනෙන්නේ මහත් කලකිරීමක් තමයි. මොනව කරන්නද? ගණන් ගන්න එපා.
6.
Nevindaree | July 14, 2008 at 9:56 am
ඉතාමත් අර්ථවත් වදන් පෙලක්..
සියලුම සැබෑ මිතුරන්ගේ සිතේ කැකෑරෙන හැගීමක්….
7.
ජයතුලංකා | July 24, 2008 at 1:56 pm
බුදු හාමුදුරැවොත් කියලා තියෙනවා එක් දෙයක්. ඒ තමයි. නානත්ත කායා නානත්ත සංඥා කියලා. ඒ කියන්නේ එක එක්කෙනාට එක දේ දැනේනේ එක එක විදියට.
යළුවෝ අතරත් ඒ වගේ යාළුවෝ ඉන්නවා. ඒක තමයි සොභාවය. අපි ඒක දැනගෙන ඒ විදියට ජීවත් වෙන්න ඹ්නේ.
මටත් ඒක දැන් දැනිලා තියෙනවා….
8.
කසුන් තාරක | November 19, 2008 at 4:34 pm
මම ගොඩක් කැමතියි හත් වෙනි කවියට… ඇත්තටම අර්ථවත් කවි පෙළක්
මට හිතෙන හැටියට නම් හතුරන් ගෙන් ප්‍රවේසම් වෙන එක ගොඩක් ලේසියි වංක මිතුරන්ගෙන් ප්‍රවේසම් වෙනවට වඩා.
ගොඩක් කළකිරීමෙන් වගේ ලියලා තියෙන්නේ. ඔය වගේ සන්තෑසි මටත් ඕනතරම් වෙලා තියනවා. මමත් ඒ දුක දන්නවා ඒ වගේම දැනටත් විඳිනවා. නමුත් ඇත්ත කවදාහරි එළිවේවි. ඒ බලාපොරොත්තුව නැති කරගන්න එපා.