Archive for September, 2008
විශ්වාසය……..අවිශ්වාසය
තුති සිතින් එළිය බලන
හිරු දෙවිට පුද ලබන.. විශ්වාසය
සදහටම නික්ම යන
ඇස්කෙවිනි රිදුම් දෙන
එළිය අදුරුවන මරණයේ.. අවිශ්වාසය
මෙලොව ඇති සොදුරුතම
ආදර මවගෙන් ලැබෙන
සෙනෙහසේ.. විශ්වාසය
කෙදින නම් නැතිව යාද
සෙනෙහසේ දින ගණින.. අවිශ්වාසය
බොකු ඇදලා පිටත හලන
දුක සැපෙහි සොදුරුතම
මිතුරුකම.. විශ්වාසය
ආත්මාර්ථයේ පිළිඹුව
මාළුවෙකු සේ දැනෙන මිතුරුකම.. අවිශ්වාසය
සියළු දේ පරදුවට තබන
ආදරේ උතුම් ලන්සුව.. විශ්වාසය
එහිම පැරදුම ලබන
සියළු මං ඇහිරි යන
විරහවේ.. අවිශ්වාසය
දවස…….
සියළු දේ අත් නොහැර
මොහොතකට අමතකව
නිදහසේ ඇස් පියවූ රාත්‍රිය…….
පැය හයක විවේකය
අවසන්ව අවදිවත්ම
යන්ත්‍රයක් විලසින්ම දිවෙන උදාසන……
විඩාවෙන් සිසිල් වන
දොළදුකින් සුසුම් ලන
ඉර මුදුන් දහවල………
පුරුදු මාවත යලි පෙනෙන
අඳුර කැපී ගොඩවන
ක්ෂිතිජයේ කඩ ඉම සවස……
යළි…..
සියළු දේ අත් නොහැර
මොහොතකට අමතකව
නිදහසේ ඇස් පියාගත් රාත්‍රිය…….
සුසුම් ලන ගංඟාව
රැලි නඟන පෙණ පිරුණු ගංඟාව
සිඳී යන බව දැන දැනම
එයට ලොබ නොබැද සිටීය නොහැකිය
තව තවත් සෙනෙහසින් බැදෙන තරමට
පතුලටම කිමිදුණ ද
කරවටක් වත් නොවැසෙන තරමට
ජලකඳ සිදී ගොසිනි
ගැඹුරු තැන් සොය සොයා පිහිණුවද
සියළු තැන් ගොඩ වු සැටියකි
දැසගින් ගිලිහෙන කදුළු බිඳු හැරෙන්නට
අළුතින් එකතු වෙන දිය බිඳක් ද නැත
දැන් සිඳෙයි දැන් සිඳෙයි සිතෙන තරමට
ගංඟාව සිඳී යයි දෑස් අභියස
සුසුම් ලන ජල කඳට සමු දී
සිඳි යන යුරු බලා සිටිනවා හැර
වෙන නම් කුමක් කරන්නද?
මෙබඳු සිතුවිලි
රුහිරෙන් නැහැවුණු ගත
සිනාහවෙන් සැරසුණු වත
සිතුවිලි පිරුණු සොදුරු සිත
සැඟවෙන්න කාලය එළඹ ඇත
වේදනාවන් ගොඩක වැතිරී
වදන් තෙපුලුමද නැවතී
අවසන් ගමන් යන්නට සැරසී
මඟ බලා සිටින අසිරී
කීමට කෙනෙක් නැත
ඇසීමට අයෙක් ද නැත
සිරකර ගතේ අවසන් සුසම් පොද
ලියයි සිතුවිලි මෙලෙස හිදගෙන
වෙව්ලමින් දැතැගිලි
ඇහිදිමින් කදුළු පොදි
දුවයි පන්හිද සියුමැලි
විසී කරමින් සිතේ උපදින
මෙබඳු සිතුවිලි
ප්‍රතිචාර