සොබා දහම, ඔබ සුන්දරයි, විශ්මිතයි, අවංකයි
November 3, 2008
සොබා දහම, ඔබෙන් මා ලද ප්‍රාණයට නැතහොත් මාගේ ශරීරයට
ඔබෙන් ඇයදුමක් හෝ අවසරයක් නොමැතිව හැකිතාක් සැප ලබා දුනිමි.
දුකක් නම් දෙන්නට සිතුනේම නැත.
එහෙත් මේ ශරීර කුඩුවෙහි පඨවි ආපෝ තේජෝ වායෝ
නැතිවු දාට…..
මා කොතැන නම් ලැගුම් ගන්නද ?
නැවත තිරිසනෙක් ප්රේතයෙක් භූතයෙක්, අහම්බෙන් හෝ මනුෂයෙක් ලෙස
ඔබ මට ලබා දෙන ප්‍රාණයද පෙර ලෙසම නැතිවෙනවා සිකුරුයි.
හිදින් කල්ප ගනන් මා අතනින් මෙතන්ට මෙතනින් අතන්ට
අහිගුණ්ඨක යෙකු සේ මාරු වෙනවා හැර
වෙනත් කිසිදු දෙයක් කර නොමැත්තේද ?
මේ ශරීරය දරාගෙන ඉගෙන ගත්තා ඉගැනුවුවා, කැවා බීවා කියා
ඔබ මට මාරු නොවි සිටිමට ඉඩ දෙන්නේ නැත.
ඉදින් මා කෙලෙස නම් මේ මාරුව වනතාලන්නද?
සොබා දහම, ඔබ මෙලෙසින් මට දඩුවම් දීම නවතා ලන්නේ කවදාද ?
මා තීරණයක් ගත යුතුව ඇත.
නැවත ඔබට මට දඩුවම් නොදිය හැකි තැනක් සොයා ගත යුතුව ඇත.
කෙසේ හෝ එතැනට යා යුතුව ඇත.
අන්න එදිනට ඔබට මා තුති පුර්වකව ආචාර කරමි.
සොබා දහම, ඔබ සුන්දරයි, විශ්මිතයි, අවංකයි.
ඔබේ මේ දඩුවමේ ඇති අරුත මා තේරුම් ගැනීමට උත්සාහ කරමි.
එලෙස ඔබගේ දඩුවම් විදිමින් වුව,
එය තේරුම් ගැනීමට ඔබ මට ලබා දුන් මේ මනුෂ්‍ය ප්‍රාණය වෙනුවෙන්
ඔබට මාගේ ප්‍රණාමය පුද කරමි.
Entry Filed under: මගේ ලිපි ගොනුව. Tags: සොබාව.
4 Comments Add your own
Leave a Comment
Some HTML allowed:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>
Trackback this post | Subscribe to the comments via RSS Feed
1.
නිදහස් අදහස් | November 3, 2008 at 3:44 pm
මට නම් හිතෙන්නෙ ඒක දඩුවමක් නෙවෙයි කියල. තැනින් තැනට මාරු වුනත් හිතේ සතුටින් ඉන්න පුලුවන් නම් ඒක තමයි වැඩේ .
2.
කසුන් | November 3, 2008 at 4:26 pm
සියලු දේ නැසෙන සුළුය. නැතිනම් වෙනස් වන සුළුය. මොනවා කරන්නද. අපිට වෙනස් කරන්නට බැරි දේ අපි තේරුම් ගත යුතුයි
3.
බෝ | November 5, 2008 at 11:05 am
සිතු,
සමාවෙන්න දිගුකලක් නිහඬව සිටියේ වැඩ අදිකනිසා. ස්වභාව ධර්මයත් වෙනස් වෙනවා නිරන්තරයෙන්ම, සංසාරේ ස්වභාවය හරියට තේරුම් ගත්තම මේ නොයෙක් වෙනස් වීම් දරා ගන්න පහසුයි. ඔයා ඒක හොඳට විග්‍රහ කරනවා. සතුටුයි මෙවැනි අධ්‍යාත්මික අර්ථාන්විතව ලියැවුනු සංකල්පනාවක් කියවන්න ලැබීම ගැන
4.
සිතුවිලි | November 6, 2008 at 4:49 pm
@නිදහස් අදහස් : මං ඉන්නේ සතුටින් කියලා දන්නවනේ.
වැඩියෙනුත් එක්ක. හේතුව මොක උනත් මේක කලකීරීමෙන් ලියපු එකක් නෙමෙයි. ඒක මං කිව්වා නේද?
@කසුන් : “අපිට වෙනස් කරන්නට බැරි දේ අපි තේරුම් ගත යුතුයි ‘ ඒක ඇත්ත. ස්තුතියි.
@බෝ : ස්වභාව ධර්මයත් වෙනස් වෙනවා” ඒකට මං හරි කැමති වෙලාවකට. අළුත් දෙයක් නෙ ඊගාවට ලැබෙන්නේ.
කොහොම උනත් වෙනස්වීම කියන එක තෙරෙන්නේ වෙනසක් උනාමමයි නේද? “සංසාරේ ස්වභාවය හරියට තේරුම් ගත්තම මේ නොයෙක් වෙනස් වීම් දරා ගන්න පහසුයි’ ඒක ඇත්ත. ඒකට මේ දවස් වල පුහුණු වෙනවා
. ස්තුතියි