තාර්කිකව අරඹා හර බැර වී ගිය සිතුවිල්ල

November 6, 2008

තාර්කික ද්වාරයකින්

තර්ක සංඥාවක් ලෙස පිටවු සිතුවිල්ල

අනාකූල ප්‍රවාහයක දුස්ස්‍රාවීතාවයෙන් මිදි දුවවිත්

සංසක්ති ආසක්ති බලයට හසුනොවී

ගුරුත්වය යටතේ ඔක්සිජන් අණුවක සිරවිනි.

ඉදින් නාස් පුඩු ඔස්සේ ග්‍රසනිකාව පසුකර

පෙනහල්ල කරා ගොස්

ගර්ත කෙළවර ස්පර්ශ කර

CO2 අණුවක් තුලට පැනගත් සිතුවිල්ල

එම මාර්ගයෙන්ම පිටතට විත්

මේසය මතවු ලාභලාභ ගිණුමකට පැන ගති.

එයින් ආරම්භක තොගයට බැරවී

අවසන් තොගයට හරවී

නැවත විකුණුමෙන් අඩු වී

දළ ලාභය තුලට පැන ගත් සිතුවිල්ල,

එහාට බැරවී මෙහාට හර වී

අසීරු ගමනක් ඇරඹීය.

බොහෝ වේලාවකට පසු ශුද්ධ ලාභය

ලෙසින් මතු වු සිතුවිල්ල

වත්කම් වගකීම් හිමිකම් ලෙසින්

ශේෂ පත්‍රයේ දෙපස සමාන කර

අසරණ ලෙස විගණනයටද ලක් විය.

විද්‍යාත්මක ක්‍රමය යටතේ නැවත කළමණාකරනය වු සිතුවිල්ල

මාගේ නියොජිත ගිවිසුමටද පයින් ගසා

තවත් දුර යා ගත නොහැකිව

ඇස්පියන් තුල නින්දට වැටුනි.

 

 

*මේ දවස් වල තියෙන ආතතියෙන් ලද උත්තේජනය නිසා කොලේට විසිරිච්ච සිතුවිලි ටිකක්. :)

 

Entry Filed under: 1, මගේ ලිපි ගොනුව. Tags: .

8 Comments Add your own

  • 1. සු+දාරක = (හොඳ පුතා)  |  November 6, 2008 at 2:15 pm

    හප්පා! :D
    මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි :D

    Reply
  • 2. නිලන්ත  |  November 6, 2008 at 3:28 pm

    ලස්සනයි

    Reply
  • 3. සිතුවිලි  |  November 7, 2008 at 9:58 am

    @සු+දාරක = (හොඳ පුතා) : ස්තුතියි. :D ඒත් එහෙම කියලා බැනේ පාඩං කරන්නම එපැයි. විශේෂයෙන් ඔයා.

    @නිලන්ත : ස්තුතියි :D

    Reply
  • 4. සහන්  |  November 7, 2008 at 3:17 pm

    හරිම අපූරුයි.

    Reply
  • 5. නිදහස් අදහස්  |  November 7, 2008 at 3:24 pm

    අම්මෝ අමතක වෙලා ඒ කාලෙ ඒවා. කොහොම වුනත් විෂයන් ඔක්කොම ටික කවර් වෙලා තියෙනවා. :)

    Reply
  • 6. සිතුවිලි  |  November 7, 2008 at 5:35 pm

    @සහන්: බොහොම ස්තුතියි ප්‍රතිචාරයට:)
    @නිදහස් අදහස් : ඔක්කොම කෙසෙ වෙතත් ටිකක් :D කවර් කර ගත්තා.
    ස්තුතියි.

    Reply
  • 7. කසුන්  |  November 8, 2008 at 5:15 pm

    මාරයිනේ!
    ඔක්කොම සබ්ජෙක්ට් ටික මෙතන නොවැ :D

    Reply
  • 8. සිතුවිලි  |  November 10, 2008 at 10:00 am

    @කසුන් : මාර නැ :D ස්තුතියි ප්‍රතිචාරයට

    Reply

Leave a Comment

Required

Required, hidden

Some HTML allowed:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


චැට්

අතීත සටහන්

ප්‍රතිචාර

Blogroll

Blog Stats