අරමුණ නම් මිරිඟුව කරා ………..

November 10, 2008

අරමුණ නම් මිරිඟුව කරා

ගමන් කෙලෙමි අදිටනින්

ලගට යන්න යන්න එය මිරිඟුවක් බව

පසක් නොවන තරමට මා එයට පෙම් බැදිනි

එකවර කඩා වැටුණු මහා කුණාටුවක්

මගේ අරමුණ සුනු විසුනු කර

මහ හඩින් සිනා සෙන්නට විය

මිරිගුවක් බව දැන දැන මා දිගින් දිගටම ගමන් කරමි

එහෙත් අරමුණක් නැත

දවස් ගෙවමින් ජිවත් වෙමි

නමුත් ජිවිතයක් නැත

මුලට ගොස් නැවත් ගමන් ආරම්භ

කිරීමටද නොහැක

ගමන් මගේ මුල දූවීලි ගොඩක් වී

සුනු විසුනු වී ගොස්ය

ජිවිතයක් නොමැති ජිවිතය

මා දෙමං හංදියක නවතා දමා ඇත

එක් පසෙකින් දැත් දිගු කර

මා ඔවුන් දෙසට කැදවන සහෘදයන් පිරිසකි

අනෙක් පස කිසිවෙකුත් පෙනෙන්නට නැති

කෙළවර සුපහන් ආලෝකයකින්

ආලෝකමත් වූ මාවතකි

මා සිත දෙකට පැලි දෙපසට ඇදි යනු දැනේ

දැඩි වෙසක් දරා සිත එකතැන් කර ගතිමි

දැන් මා ගමන් අරඹන මග කුමක් වේද?

එහි මට අරමුණක් ඇති වේද?

එහි මට ජිවත් විය හැකි වේද?

 

Entry Filed under: 1, මගේ ලිපි ගොනුව. Tags: .

4 Comments Add your own

  • 1. කසුන්  |  November 10, 2008 at 2:51 pm

    ජීවිතයේ අරමුණු ගැන අවිනිශ්චිතබව හැමෝටම පොදු දෙයක් කියලයි මට හිතෙන්නේ.

    Reply
  • 2. hemajayantha  |  November 11, 2008 at 10:57 am

    අරමුණු යනු ඇස,කණ,නාසය,දිව,ශරීරය හා මනස නිසා හිතේ ඇතිවන
    සිතිවිලි මාත්‍රවලට පමණි. මේවා සත්‍ය වශයෙන් මේ විශ්වයේ පවතින දේ
    නොව සිතින් අල්ලාගත්දේ පමණි. සිතක් පැවතීමට නිතරම අරමුණක් තිබිය යුතුයි. නැතිනම් නිර්වින්දන තත්වයක් පම්නක් තිබිය යුතුය. ඔබ අසා ඇති පරිදි මේ කිසිවක් ඔබට අවශ්‍ය පරිදි බවත්වා ගත නොහැකිය. හේතූන් නිසා හටගත් මේ අරමුණු ඒ හේතු නැතිවී යාමෙන් අනිත්‍ය වේ.
    මේ අනිත්‍ය වී යාම දුකක් නිසා ඔබ උත්සාහ ගන්නේ ඒ අරමුණු ඒ අයුරින්ම නැවත නැවත පවත්වා ගැනීමටය. ඒ පවත්වා ගැනීමට දරන උත්සාහයම නැවතත් දුකක්ය. මේ ක්‍රියාවලිය හරෙන්නට ජීවිතය නමින් සුන්දර යමක් තිබේද එය තිබෙන්නේ සිතේය. එයද දුකකි.

    Reply
  • 3. සහන්  |  November 17, 2008 at 2:44 pm

    සිතුවිලි ගේ සිතුවිලි හරිම අගෙයි.
    සිතුවිලි වල සිරවී සිතුවිලි තෙරපා
    මැසිවිලි නොනගන සිතුවිලි,
    සිතුවිලි පත් ඉරු මත හරි අගෙයි.

    Reply
  • 4. Archirasika  |  December 2, 2008 at 2:15 pm

    mata nam hitune budu dahamae ena anithyaya kaviyata nagala kiyala.balaporiththu atiweema natiweema swabhawikai. eth balaporoththu tiya ganna kota ewa kada wateemen atiwana wedanawa dara ganna puluwan wennath oni mage hite…

    Reply

Leave a Comment

Required

Required, hidden

Some HTML allowed:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


චැට්

අතීත සටහන්

ප්‍රතිචාර

Blogroll

Blog Stats