මාගේ උත්තමාචාරය හා මාගේ කනස්සල්ල ….

December 5, 2008

 අද මේ සටහන කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ. දින ගණනාවක්ම හිතේ දැඩි පසු තැවීමක් තිබුනා. ඒ හින්දම එක එක දේවල් ලියවුනත් පල කරන්න පුළුවං කමක් තිබුනේ නැ. ආයෙමත් කියෙව්වම මේක හරියන හොද සටහනක් නෙමෙයි කියලා හිතෙනවා. දැං ලියන්න ගත්තත් අන්තිමෙදි හරියන එකක් නැ කියලා හිතෙයි ද දන්නේ නැ. මගේ හිතට ආපු පසු තැවීම මොකක්ද කියලා බලනවා ඇති නේද ? වෙන මුකුත් නෙමෙයි මගේ සොහොයුරත් ඇතුලු විශාල පිරිසක් ඉතාම දැඩි කැපවීමෙන් ත්‍රස්ත ග්‍රහණයෙන් රට මුදා ගැනි ම සඳහා කරනු ලබන යුද්ධෙදි මේ රට වෙනුවෙන් මං මොනාද කරන්නේ කියන එකයි.

 දිගටම යන්න ! ජය අපටයි! ආදි නොයෙක් දේ කියලා ඔවුන්ගේ චිත්ත ධෛර්යය වැඩි කරනු විනා මම මුකුත් කරලා නැ කියන හැගීම දැඩිව හිතට දැනෙනවා. මේක ඔවුන්ගේ රට විතරද ? රූපවාහිනියේ ඔවුන් වෙනුවෙන් යන වැඩසටහනට SMS එකක් යවලා, ඔවුන් වෙනුවෙන් වතුර බොතල් චොක්ලට් යවලා ඇත්තටම මං මගේ හිත රවට්ට ගන්නවා නේද කියලා දහස් වාරයක් හිතෙනවා. “හැමෝටම යුද්ධ කරන්න බැනේ, ඔවුන් කරන ඒ මෙහෙවර අගය කරනු විනා අපි වෙන මොකක් කරන්නද ? .” ඔක තමයි මගේ එක යාළුවෙක් මට දීපු උත්තරේ.. “ඉතිං ඔච්චර අමාරුවක් තියෙනවනං යනවකෝ හමුදාවට. ඔය ඕන තරං කෙල්ලෝ ගිහින් ඉන්නේ.” ඔන්න අනිත් එක්කෙනාගේ උත්තරේ. පුළුවං කමක් තිබ්බනං යනවා තමයි. නොයන්න හේතු තියෙනවා අහන්න එපා ඒවා. මං කියවපු පොතක රුසියාවේ මිනිස්සු ඒ රටේ සොල්දාදුවෝ යුද්ධ කරද්දි , තමන්ගේ රට වෙනුවෙන් පුදුම කැපවීමක් තිබුනා. ඒ මිනිස්සු තමන් කන කැම පාලනය කලා. ආහාර ඉතුරු කරගෙන යුධ වදින හමුදාවන්ට යැව්වා. පටන් ගැන්මේ ඉදලම පුදුම හැගීමක් තිබුනා. අපේ රටෙත් හුගක් අය ලග දැන් යම් හැඟීමක් තියෙනවා. ඒත් ඒ ඇතිද?

තවත් දහසකුත් එකක් ප්‍රශ්න හිත ඇතුලෙන් මතු වෙනවා. ඒත් ලියවෙන්නේ නැ. අ‌නේ මංදා මෙතනින් එහාට මුකුත් ලියා ගන්න බැ. මං මගේ රට වෙනුවෙන් කැප වෙනවා මදි කියන එක විතරක් තදින්ම හිතට දැනෙනවා.

 අව්වැසි නොබලා කරන මේ උතුම් මෙහෙවරට හද පිරි උත්තමාචාරය පුද කරනවා ආදරණීය සෙබල සොයුරන්ට මුළු හිතින්ම.

image-11

 

image-21

පිංතූර ටික ලැබුනේ යාළුවෙක් එවපු මේල් එකකින්.

Entry Filed under: 1. .

6 Comments Add your own

  • 1. maleemsg  |  December 5, 2008 at 9:03 pm

    එක් අතකින් ඔයා කියන දේ ඇත්තක් තියනවා.
    ඒත් මම නම් හිතන්නේ ඔතනින් වැඩි පිරිසක් රස්සාවක් වෙනුවෙන් යුද්ධෙට ගිය අය.. මම කියන්නේ නැහැ එයාලට රට ගැන හැගීමක් නෑ කියලා…තියනවා.. නමුත් ඊට පෙර තම තමන්ගේ පවුල් වලට යහපත් ‍ආර්ථික මට්ටමක් ලබා දීමයි පළවෙනි අරමුණ…. නමුත් ඇත්ත.. මේ වදකාර යුද්ධයක් නිසා පව් අහිංසක ලස්සන තරුණ ජීවිත අනේක දුක් විදිනවා

    Reply
  • 2. සදීප  |  December 5, 2008 at 10:48 pm

    ඔබගේ සටහන අපි හැමෝටම සිතන්න යමක් ඉතුරු කරනවා …. ඔබ තරමක් වත් අපේ හමුදා සොයුරු සොයුරියන් ගැන හිතනවා … බොහෝ අය එහෙම නැහැ… අපි අඳුරන එක වැඩිහිටියෙක් කිවුවා “අපෝ යුද්දෙට මොකක් වුනත් අපිට මොකෝ … අපි ඕව ගැන හිතන්නේ නැහැ කියලා” .. අද උදේ බස් එකේ යනකොට පාර වහපු එක ගැන නෝක්කාඩු කියන අම්මණ්ඩි කෙනෙක් ගෙ කතාවත් මට සිහියට එනවා….අද දවසේම චෙක් පොයින්ට් එකේදි සෙබල සොයුරෙකුට නරක විදියට කතා කරපු කාර් රියදුරාත් මට මතක් වෙනවා …

    ඔබ කියන කරුණ ලාංකිකයන් හැමෝටම අදාලයි .. අපි ඔවුන් වෙනුවෙන් යමක් කරනවා ඇත්තයි …ඒත් අපි අපේ උ‍පරිමේ කරනවාද යන්න අපෙන්ම අහලා බලන එක හොඳයි…

    අපේ හතුරා වන ප්‍රබාකරන් කියන විදියට සිංහලයාට ඉක්මනට අමතක වෙනවා ..ඔන්න ඕකයි අපේ ජාතියට හෙනයකට හිටලා තියෙන්නේ…

    ඔබ හමුදාවට යන්නම අවශ්‍ය නැහැ .. හැමෝටම එහෙම කරන්නත් බැහැ නේ…. රටේම ජනතාව හමුදාවට ඒම අවශ්‍ය නැහැ .. නමුත් අපේ සෙබලුන්ට අපේ සවිය දීම වැදගත්…

    හොඳ සටහනක් !

    Reply
  • 3. නිදහස් අදහස්  |  December 6, 2008 at 6:24 pm

    මේක ගැන කියන්න ගොඩක් දේවල් තියෙන. ඒත් මේ දවස් වල කියන්න හිතෙන්නෙ නෑ. ඒ වගේම බ්‍රහස්පතින්දා උදේ තවත් බොහොම හිත සසල කරපු සිද්ධියක් දැක්කා. ඒ හැම දෙයක් ගැනම කට පියාගෙන ඉන්න සිද්ධ වෙලා.

    sigh

    Reply
  • 4. කසුන්  |  December 7, 2008 at 8:40 am

    සරලව ඕව්, නියමයි. ඔහොම යං කියලා හිත රවට්ටගන්න කැමති නැති නිසා මම මොකුත්ම කියන්නේ නැහැ.
    ඇත්ත. හමුදාව යුද්ධ කරන්නේ රට වෙනුවෙන් තමයි. එත් මේ යුද්ධ‍ය තුලින් පමණක් සාක්ෂාත් කරගන්නට යන්නේ කුමක්ද? කොයි පාර්ශ්වයේ වුනත් මේ මැරෙන්නේ අපේ රටේ වටිනා ජීවිත. 71/88-89 කාල වලදී මියගි දකුණේ තරුණ ජීවිතත් දශක ගණනාවක සිට මියයන උතුරේ තරුණ ජීවිතත්, සෙබල සොහොයුරන්ගේ ජීවිතත් මේ සියල්ලටම තියෙන්නේ එකම වටිනාකමකක්. මෙච්චර ජීවිත ගානක් විනාශ කරගෙනත් මේ ප්‍රශ්නයට විසඳුමක් නොලැබුනොත් ඇතිවන තත්වය ගැන හිතන්න. ආන්ඩුවට හරි වෙන කාටහරි මේ ගැටළුව විසඳන්න අවංකවම වුමනාවක් තියෙනවා නම් මුලින්ම කරන්න ඕන ගැටළුව මොකක්ද කියලා නිවාරදිව වටහා ගන්න එක. LTTE ය පරාජය කල යුතු තමයි, එහෙත් එයින් LTTE යට උපත දුන් සමාජ-දේශපාලනික ගැටළු විසදෙන්නේ නැහැ. කල යුත්තේ LTTE ය පරාජය කරන ගමනම ඒවාට ද විසඳුමක් දෙන එක. එහෙම නොවුනොත් තවත් වසර ගණනාවකින් නැවතත් මේ වගේ අර්බුධයක් ඇතිවේවි. එතකොට එටදාටත් කරන්නේ රට වෙනුවෙන්ය කිය කියා යුද්ධ කරන එකද?
    මම කියන්නේ බලය බෙදාහැරීමක් ගැන නෙවෙයි. මොකද මෙතන ගැටළුව තියෙන්නේ ඒකීයද-පෙඩරල්ද කියන දේ නොවෙන නිසා.

    comment එක දිගවැඩි වීම ගැන සමාවෙන්න.

    Reply
  • 5. M.Hassan  |  December 7, 2008 at 7:12 pm

    මලී කියපු දේ හරි. ගොඩක් අය යන්නේ වෙන රස්සාවක් නැතිකමට. ඒත් රට ගැන හැගිමක් නැතුව නෙවෙයි. ඒ වගේම රට ගැන හැගිමක් නැතුව හමුදාවට බැදුනත් එයින් පස්සේ රට ගැන හැගිමක් එනවා. ඒක නිසයි කියන්නෙ හැම රණවිරුවෙක්ම රට වෙනුවෙනුයි දිවිදෙන්නේ කියලා.

    Reply
  • 6. සිතුවිලි  |  December 10, 2008 at 10:57 am

    @ maleemsg , @සදීප @නිදහස් අදහස් ,@කසුන් , @M.Hassan :

    මටත් යමක් හිතන්න ඉතුරු කරලා දැක්වු ප්‍රත්චාරයට බොහොම ස්තුතියි.

    Reply

Leave a Comment

Required

Required, hidden

Some HTML allowed:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


චැට්

අතීත සටහන්

ප්‍රතිචාර

Blogroll

Blog Stats