අහම්බෙන් දුටු මිතුරිය ……..
February 26, 2009 at 12:53 pm 10 comments
අද මං මේ සටහන ලියන්න හිතුවේ අහම්බෙන් වගේ . මේ අහඹුව පටන් ගන්නේ පසු ගිය දවසක හැන්දෑවක මගේ නෙත් දෙකට ප්‍රීතිදායක දර්ශණයක් ඇස ගැටුණු හින්දා. ඒ තමයි කාලයක් මගේ හොදම මිතුරිය වෙලා හිටපු කෙනෙක් මා බසයේ ජනේලයෙන් ඔළුව දමාගෙන සිටියදී ඇස ගැටීම. නමුත් මං ඇයව දුටුවත් ඇය මාව දැක්කේ නැ. බස් එක ඇතුලෙම ඉදගෙන හයියෙන් නම අඩගැසීමේ දඟකාරකමකුත් ඒ මොහොතේම ඔළුවට ආවා. ඒවා හිතෙනවා විතරයි කරන්න තරං ශක්තියක් නැ. එක් වරම බසයෙන් බැසයාමේ තදබල අශාවකින් සිතුවිලි නටන්න පටන් ගත්තා. මං ප්ලෑන් කරනකොට බස් එක ගිහින් ඉවරයි. දැං බස් එක නුගේගොඩ ගුවන් පාලම උඩින් යනවා. මිතුරියගේ දර්ශණය කෙමෙන් කෙමෙන් අතුරුදහන් වන තත්වයට පත් වන විටත් බසයෙන් බැස ගොස් ඇය හා කතා කිරීමේ උමනාව යටපත් වෙලා තිබුනේ නැ. කෙහොම නමුත් ඊලග නැවතුමෙන් බසය නැවතුනත් මා බසයෙන් බැස ඇ සොයන විට සත්තකින්ම ඇ අතුරුදහන් වී සිටිය නොහැකිදැයි හිත ප්‍රශ්ණ කරපු හින්දා ඉදගෙන හිටපු විදිහටම ඉන්න තීරණය කලා.
ශරීරයෙන් මා බසය තුල අසුන් ගෙන අනෙක් අයට දත් විලිස්සාගෙන හිටියත් සිතුවිලි නං මීට අවුරුදු 5 6ක් අතීතයට කාල තරණයක් කරමින් හිටියා. ඒ මගේ පාසල් කාලේ පිලිබඳවත් මීට මොහොතකට පෙර දුටු මිතුරිය සම්බන්ධ මතකයනුත් අතර.
ඇය මගේ පුංචිම කාලේ මිතුරියක් නොවුවත් 7 8 පන්තිවල හිටපු හොඳම යෙහෙලියක්. නමුත් 9 වසර මුල් කාලයේදී ඇය අපේ පාසලෙන් සමු අරගෙන මීරිගම පදිංචියට ගියා. අක්කාකෙනෙක් සහ නංගිලා 4කුගෙන් සමන්විත පවුලේ ඇය දෙවැනියා. පියා නැති පවුලේ බර කරට ගෙන හිටිය ඇගේ මවට මගේ මවට මෙන් දැඩි ස්නේහයක් මගේ හිතේ තිබුනා. නංගිලා මල්ලිලා නැති මට ඇගේ සොයුරියන් මගේ නංගිලා වගේ දැනුනා. ගීත ගායනයට නර්තනයට මේ අක්කා නගෝ හරි දක්‍ෂයි. ඇගේ අක්කා තමයි අපේ පාසලේ නිත්‍ය නිවේදිකාව උනේ.ඇ නිවේදන කටයුතු කරන විට අහං ඉන්න හරි ආසයි. ඒ දවස් වල අපි බලං හිටියේ ඈට Radio එකේ රැකියාවක් ලැබෙයි කියලා.
ඇය පාසලෙන් ඉවත්වන දවසේ මට මහා දුකක් දැනුනා. අපේ අම්මත් එක්ක කතා කරලා ඇයව අපේ ගෙදර නවත්වා ගැනීමේ දැඩි ප්‍රයත්නයකත් මං යෙදී හටියා. අපේ අම්මා කැමති උනාට ඇගේ අම්මාගෙන් ඒකට වැඩි කැමැත්තක් තිබුනේ නැ. මිරීගමට ඔවුන් ගියේ ඇගේ මවගේ දෙමාපියන් සිටි ප්‍රදේශය නිසයි. කොහොම නමුත් මගේ සොයුරිය වන් මිතුරිය පාසලෙන් අයින් උනා. ඒ අයින් වෙන දවසේ අප එකිනෙකාට පොරොන්දු උනේ අපේ මිත්‍රකම කිසිදාක අමතක නොකරන බවයි. ඒ වගේම නිතර ලිපි ලියන බවත් අපි එකිනෙකාට පොරොන්දු උනා. පොරොන්දුව නං ටික දවසක් කරගෙන ගියා. ඇය මටත් මා ඇයටත් ලිපි ලිව්වා.නමුත් උසස් පෙළ පංතිවලට එන කොට ඒ පොරොන්දුව ඒ ලෙසම ඉෂ්ඨ කරන්න අපි දෙන්නටම නොහැකි උනා.සමහර සමහර දේවල් කාලයත් සමඟ නැති වී ගියත් ඇය අදටත් මට හොදම මිතුරියක්.
මා ඇයව දුටු වෙලාවේ මට කෙසේ හෝ කතා කිරීමේ අවස්ථාවක් උදා උනානං බොහෝ විස්තර තිබුනා කතා කරන්න. නමුත් කාලය හෝ වෙන මොකක් හරි හින්දා ඒ ගමන වැලකුනා. නැවත් ලිපි ලිවීමේ උමනාවක් තිබුනත් මගේ නොසැලිකිලිමත් කම නිසාම ඇගේ ලිපිනය මා අතින් නැතිවෙලා තිබුනා. මිරීගමට ගිය ඇය නුගේගොඩ මක් කරනවද? පෙනුමෙන් ඇය රැකියාවක් කරන බවක් තමයි පෙනුනේ. ඒ සිතිවිල්ලෙන් මං සැහෙන්න සතුටු උනා. කොහොම නමුත් කාලයක් දැන හැදින ගත් මිනිසුන් අතරමගදි හමු වුවත් වචනයක් හෝ කතා නොකර ඉන්න සිදුවීම නං මහ දුකක්.
මගේ මිතුරියගේ මතකයනුත් සමඟ මතක් වෙන තවත් කෙනෙක් ඉන්නවා. ඒ තමයි එවකට අපේ පාසලේ හිටපු විදුහල්පතිනිය. මගේ ජිවිතයේ මා දැඩි ලෙස ප්‍රිය කරන චරිතයක්. මහා ගාම්භීර පෙනුමක් ඇයට තිබුනා. දුටු විගසම කුඩා අප තිගැස්සෙන පෙනුමක් ඇයට තිබුනද පාසලේ හිටිය හොදම විදුහල් පතිනිය ඇයයි. ඇගේ පාලන කාලය තුල පාසල තුල සිටි අප වගේම ගුරුවර ගුරුවරියන් ද මහත් ප්‍රබෝධයෙන් වැඩකටයුතු කලා.
ඇ විසින් නිතර පවසන දෙයක් මට තාමත් මතකයි. ඇතැම් විට එය මගේ ජිවිතයට ආදර්ශ පාඨයක්ද උනා. “ ළමයි ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න එපා කියලා “ ඇය නිතරම අපිට මතක් කරලා දුන්නා. ඒ වදන් පෙළ මුල් වරට මං ඇහුවේ ඇගේ මුවින්. මා හට ඇය ගරු කටයුතු කෙනෙක් වු නිසාම ඒ වදන් ඒ ආකාරයෙන්ම මගේ හිතේ තැන්පත් උනා. ඇය අපේ පාසලේම නිලනිවසේ පදිංචිවෙලා හිටියා. ඇය අප සැමදෙනාගේම මව වුවා සේම රැකවලා උනේද ඇයයි. හොදට හොඳ නරකට අන්තිම නරක අයෙක්. ඒ හින්දම බොහෝ ළමයි වැරදි කරන්න බය වගේම මැලි වුනා. පාසලෙන් පිට අප සහභාගීවෙන ඔනෑම උත්සවයකට තරගයකට මොහොතකට හරි ඔළුව දලා යන්න ඇය පුරුදුව හිටියා. ඇගේ ඒ පැමිණීම අපට මහත් ශක්තියක් වුවා සේම ඇගේ පැමිණීම අප අපේක්‍ෂා කලා. එතුමිය හැම ළමයෙක්ම බෙහොම සියුම් විදිහට උනන්දු කෙරෙව්වා. ඒ වගේම හැම ළමයෙක්ම බොහොම සියුම් ලෙස ඇගේ නිරීක්‍ෂණයට හසුවෙලා හිටියා. ඒ හින්දා ඇගේ ඇස් වහලා අහුනොවී කිසිම දඟ වැඩක් කරන්න පුළුවං කමක් තිබුනේ නැ.
කොතෙකුත් දඟ වැඩ හින්දා බැනුම් හා වේවැල් පාර ලැබුනු වෙලාවල් තිබුනත් ඊගාව මොහොතේ ඉතාම හොදින් ඇය අප සමඟ කතා බහ කලා. ඇගේ පාලන කාලය තුල අප නව ප්‍රාණීන් විදිහට තමයි පාසල තුල හිටියේ. සෑම අධ්‍යාපන චාරිකාවකටම ඇය සහභාගී උනා. එවිට ඇගේ විනෝද කාමී ලක්‍ෂණ හොදින්ම මතුවෙලා තිබුනා. පාසලේ තිබුනු නොයෙක් අඩු පාඩු බොහොමයකට පිලියම් ඇගේ පාලන කාලය තුල සැපිරුනා. මේ කාලය තුල අප විනෝදයෙන් ඉගෙන ගත්තාය කිව්වොත් නිවැරදි. සැබැවින්ම ඇය හොද මවක් වුවා.
මගේ පාසල් කාලයේ මට අමතක නොවනම අවධිය මා ගත කලේ ඇගේ පාලන කාලය තුලයි. හදිස්සියේම ඇ අපේ පාසලට විදුහල්පතිනිය වී ආවා වගේම හදිස්සියේම ඇ අපේ පාසලෙන් වෙනත් පාසලකට මාරු වී ගියා. ඇ පැමිණි දිනයේ මහා බයකින් සිටි සියළු දෙනා ඇ ඉවත් වන දිනයේ හිටියේ ඇසුවල කදුළු පුරෝගෙන. ඇගේ දෙපා නැමැද අවසන් වරට ආශිර්වාද ලබා ගන්නා අවස්ථාවේ හිතේ හංගාගෙන හිටපු කදුළු ඇස්වලින් ඇගේ දෙපාමුල වැටෙනවා මට තාම මතකයි. පාසල් ගොස් අවසන් වී සිටියත් ඒ අවස්ථාව සිහිවෙන කොට දැනුත් මගේ ඇස්වලට කදුළු එනවා.
ඇය දැන් සේවයෙන් විශ්‍රාම ගොස් ඇගේ දරුවන්ගේ දරුවන් රැකබලාගෙන විවේකීම සිටිනවා. මා මුළු හදවතින්ම ඇයට දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
Entry filed under: 1. Tags: .
1.
malee_msg | February 26, 2009 at 2:46 pm
ඹයාගේ මුළු සටහන ම මාව ආයේ ස්කෝලේ එක්කන් ගියා.. බොහෝම ස්තූතියි ඒකට!
2.
shamee | February 26, 2009 at 4:25 pm
ganan ganna epa ohoma thmai
3.
H | February 26, 2009 at 9:51 pm
ඔහොම ඒවා මටත් වෙලා තියෙනවා. මම හිතන්නේ බොහොමයක් දෙනාට වෙලා ඇති. මට මතකයි වතාවක් එහෙම අහම්බෙන් දැකපු මිතුරෙක් එක්ක කතාවට වැටිලා පරණ යාළුවො කට්ටියක්ම ආයෙත් හමු වුණා.
4.
නිදහස් අදහස් | February 26, 2009 at 10:09 pm
ඔයාට මතකද සුනේත්‍රා ගෙ මතක පොතේ ඔය වගේ මිතුරියක් කාලෙකට පස්සෙ හම්බ වුන හැටි කියල තිබුනා
5.
| බින්කු | ßÎŋƙƲ | | February 27, 2009 at 12:46 am
ළමයි ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න එපා කියලා “
ඉතාම වටිනා කතාවක් අපිටත් අපේ සමාජයටත්! ඇයට මගේ ප්‍රණාමය!
6.
සහන් | February 27, 2009 at 6:45 am
හරිම සංවේදී සටහනක්.
7.
සිතුවිලි | February 27, 2009 at 4:20 pm
@ malee_msg : අපි හැමෝම ආයේ ඉස්කෝලේ යන්න අසයි නේද? මටනං තමාත් පාසල් නිල ඇදුමක් දැක්ක ගමන් කොහේදෝ හැංගිච්ච සතුටක් දැනෙනවා.
@ shamee :
@ H : පරණ යාළුවෝ හම්බවෙන එකනං හරිම ෂෝක්.
@ නිදහස් අදහස් : යාළුවව දැක්ක වෙලාවෙත් මේ සටහන ලියන වෙලාවෙත් මට මතක පොතේ ඔය සිද්ධිය මතක් උනා. සුනේත්‍රාගේ යාළුවට සුනේත්‍රාව මතක තිබුනේ නැ. ඒත් මගේ යළුවට එහෙම වෙන එකක් නැ කියලා මට එවලේ හිතුනා.
@ | බින්කු | ß :ඇත්තෙන්ම. ස්තුතියි.
@ සහන් :
ස්තුතියි.
8.
Jayasiri | March 2, 2009 at 7:18 pm
මම හිතන්නෙ මේ සටහන මම මුලින්ම වගෙ කියෙව්වා. මේක සිද්ධියක් විදිහට ගත්තොත්හරි සරලයි. කතාවක් විදියට ගොඩ නැන්වීම හරිම ලස්සනයි. මේකෙ නව කතාවක ගතියක් මට දැනෙනවක
9.
kanchan | November 30, 2009 at 12:24 pm
මෙ සටහනේන මං ගියපු කලින් ඉසුකෝලයට ගෙනිචිචා .හැබැයි මගේ යාලුවන් තම මට ලියුමි එවනවා අදත් එවලා තිබිබා
10.
priyanthabmv | January 7, 2010 at 3:37 pm
mama thamath pasal yanawa.a/l karanne mata oaya siddi ahanakota isskolen aswenna dukai.mage yaluwo nathi wena nisa.oya oya liyana adahas nam niyamai .oyawa contact kraganne kohomada