එක මග යන මගීන්…

March 24, 2009

මදුර වු ගීතය පසෙකලා

කර්කශ හඩට ආයාසයෙන් සවන්දෙන

ජීවන බරින් ඔටුනු පලඳා

පිටතින් සුදු හුනු වන්

සූට් බූට් පැලදී

Hair Jel සුවද විලවුන් සුවදින්

පලාතම සුවද කරමින්

පීඩිත සිතේ ඇති කව

ලොවට නොපෙනෙන්නට

සැමටම තම දසන් පෙන්වන

ඔබ හා මා….

දිනෙන් දින ගරා වැටෙන

ශරීර කූඩුව

අසුනක් මත සතපවමින්

එකම මගක ගමන් යන

ගියන් පමණක් වී

සහෘදයන් හෝ මිතුරන්

නොවුයේ ඇයි?

Entry Filed under: 1. .

4 Comments Add your own

  • 1. malee_msg  |  March 24, 2009 at 3:42 pm

    අපෙන්ද ඇහුවේ?

    Reply
  • 2. -බිன்ku-  |  March 25, 2009 at 7:42 am

    තම නැති බැරිකම් නොකියා
    උඩ තැන් පිට තැන් බැන බැන
    දෙයියන්ගේ මල්ලි පස්සෙන්
    පරදේශයේ ජරා කැත කර ලා
    දුවන මේ සමාජයේ වැරද්දට
    අපිත් වැරදිකරුවන් වෙලා

    Reply
  • 3. Jayasiri  |  March 30, 2009 at 12:54 pm

    අපේ සමාජය දිහා යතාර්ථවාදී දැකීමක්. කවදදහරි දිනන්න හැමෝම දුවනව. දිනපු කෙනෙක් නෑ. සරලව හිතුවොත් මේ ලෝකෙ තියන සම්පත් මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතා සපුරන්න නම් ප්‍රමානවත්

    Reply
  • 4. SRIshanu  |  May 25, 2009 at 9:45 pm

    සමාජය විසින්ම අපට බල කරන කප්පරක් බලාපොරොත්තු හිතේ තද කරගෙන සමාජයට ඒ වගක් නොපෙන්වා හිනාවෙන් සියොළඟ වසාගන්නා අපි හැමෝම එකම තැනක හිරවෙලා. ඒ හිර වුණු රොත්තෙන් එවගක් පසක් වෙන්නෙත් අතලොස්සකටයි. ඔබත් එයින් එකෙක්…

    Reply

Leave a Comment

Required

Required, hidden

Some HTML allowed:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


චැට්

අතීත සටහන්

ප්‍රතිචාර

Blogroll

Blog Stats