Archive for September, 2009

ඒ මිහි අම්මට ඇගේ හැම දරුවෙක්ම වටින නිසා ලු…….

අපි Homo Sapiens Sapiens ලු

Chordata වංශයට ආඩම්බරයක් ලු

විශ්වයටම අණසක පතුරලා ලු

ඉතිං අපි උත්තම mammalia ලු

කොන්ක්‍රීට් කණු වලට අපි හරිම ආදරෙයි ලු ,

වනාන්තර කාන්තාර කරන්න අපි හරිම දක්‍ෂයිලු ,

New Millennium එකට මේවා හරිම Simple ලු ,

අපි ඉතිං animalia රාජධානිය තුල විශිෂ්ඨයි ලු ,

අනෙක් animalia වෝ නෂඨ කරන එක අපේ වගකීමලු ,

අනාගත වංශයට අපි විතරක් පරිණාමය වුනාම ඇති ලු ,

සංරක්‍ෂණය මොකද්ද ඒ ඒවා අපි දන්නේ නැතිලු ,

අපිට ඊට වඩා කරන්න වැඩ තියෙනවලු ,

මොකද…. අපිට අපේ පරිසරය අමතකවෙලා ගොඩක් කල් ලු ,

Primata වෝ ආදි අපේ මුතුන් මිත්තෝ , අපි හඳුනන්නේ නැතු ලු ,

අපි අමතක වීමේ රෝගයට ලක්වෙලා ලු ,

පෘතුවියේ රජ වංශය අපි ලු ,

මහ පොළොව අපේ අම්ම බව අපිට අමතක වෙලා ලු ,

අම්මගේ ආදරය ගලා ගිය ගංගා, ඇළ, දොළ අපි විනාශ කරල දමනව ලු ,

අම්මගේ වස්තුව ශාක වැස්ම, ඉවත් කරලා ගොඩනැගිලි හදනවලු ,

අපිට තියෙන මහ මොළය වැඩ කරන්නේ ඒ විදියටලු ,

ඒ අතින් අපි හරිම intelligent ලු ,

අපි විනාශ වෙන බව තවම අපිට තේරුණේ නැති ලු ,

අපි ආදරේ නැතත් …… පිරිසරය අපිට ආදරෙයි ලු ,

ඒ මිහි අම්මට ඇගේ හැම දරුවෙක්ම වටින නිසා ලු…….

රජීව ඒකනායක

ඉහත සඳහන් සටහන මා විසින් උපුටා දැක්වුවක් . තරුණ සත්වවේදීන්ගේ සංගමය මගින් ප්‍රකාශයට පත් කරන ලද “පණීවුඩය” සඟරාවේ 2005 අප්‍රේල් – සැප්තැම්බර් කලාපයේ රජීව ඒකනායක සොහොයුරා විසින් තබන ලද සටහනක්. මා ඔහුව පෞද්ගලිකව හැදින නොගත්තත් ඔහුගේ අවසරයකින් තොරව මගේ බ්ලොග් පිටුවට එකතු කරන්න හිතුවේ පහුගිය දවස් වල පුවත් විකාශයන් කීපයක් මගින්ම පරිසරය පිළිබ ද විවිධ පුවත් අහන්න ලැබුන නිසා. පරිසරය හා මිනිසා කියන තැනදි මිනිසා විසින් පරිසරයට කරන අකටයුතු කම් අකම්පිතව විදරා ගනිමින් සිටින පරිසරය කොයි මොහොතක හෝ ඒ කරපු දේ වෙනුවෙන් දඩුවම් ලබා දෙනවා. ඒක මේ මිහිතලය අරක් ගත් කොයි සත්තවයටත් පොදුයි. ඒකනේ ඔය එක එක කාල වලදි විවිධ පාරිසරික වෙනස්කම් වලින් අපි පීඩා විදින්නේ. මෙවැනි දේවල් ඇහෙද්දි ඉහතින් සදහන් කල සටහන නිතරම මට මතක් වෙනවා.

පරිසරය (ස්වභාවධර්මය) හුදෙක් මිනිසා විසින් වෙනස් නොකල යුතු ඒ අනුව මිනිසා වෙනස් විය යුතු දෙයක් ලෙස මා දකිනවා. ඔබට මේ මහ පොළොව මත හිදින්නට ජීවත් වන්නට ඉඩ දුන් මිහි මාතාවට ඹබ සැබැ ලෙස කෘතගුණ වන්න. ඇයට ආදරය කරන්න, එවිට ඇය ඔබට සැබැ ලෙස ආදරය කරාවි, ඇය ඔබ රැක ගනීවි.

September 30, 2009 at 1:19 pm Leave a comment

සුදු කළු අළු වු අපි……….

සැබැවින්ම අරුම ජීවීතය නම් වේදීකාව මත

ජිවිතේ අරුම මේ යැයි” කියා පාන වේදිකා නාටකයක

රඟදෙන චරිත අතර

අළුත් මිශ්‍ර වූ සුදු කළු අළු චරිතයකි

ඔබ සහ මම………..

හුඟක් දවසකට පසුව පුංච් සටහනක් තියන්න හිතුනා. ජිවිතේ විවිධ දේ එක්ක පොරබදින අපි තත්පරෙන් තත්පරය ඊගාව මිනිත්තුව ජීවත් වෙන්න ඕන අරමුණු හොයන වේලාවල් අනන්තයි.හිතට එන දේවල් ඔහේ ලියෙව්වට මේ කියන දේවල් එකකට එකක් ගැලපෙනවද කියන එකනං මං දන්නේ නැ. ඒ වුනත් ගැලපුනත් නැතත් ලියන්න ඔන කියලා හිතුනම ඔහේ ලියලා දාන එක මගේ පුරුද්ද. හුගක් වේලාවට අපි අපිටම කියලා ගැ‍ලපෙන දේවල් කරනවත් අඩුයිනේ. ඔය ‍ගැලපෙන නොගැලපෙන දේවල් එක්ක දිගහැරෙන ජීවිතේ ගෙවද්දි හමුවන වෙන් වෙන මිනිසුන් අතරෙත් විවිධාකාර නොගැලපීම් තියනවානේ. අන්න ඒ වගේ නොගැලපෙන කෙනෙක් මීට සති දෙකට කලින් මාත් එක්ක කතා නොකර ඇරියා. හැබැයි ඒ සිදුවුන දෙයින් වැඩියම සතුටු වුනෙත් මම. අපි කියන්නෙ ඔය ඇතුවත් බැරි නැතුවත් බැරි කරදරකාර මිනිස්සු අපි වටා ඉන්නවා , අතඇරගන්න ඔන ඒත් අතාරින්න ක්‍රමයක් නෑ කියලා. ආන්න ඒ වගේ කෙනෙක් ජිවිතෙන් දුරස් කරගන්න පුළුවං උන එක ගැන මං හරි සතුටු වුනා. සමහර වෙලාවට කෙනාගේ හැටි අපිට තේරුනා‍ට තවත් කෙනෙක්ට නොතෙරෙන්න පුළුවං. අපි අපිට ආවේනික කෝණවල ඉදගෙනනේ අනිත් කෙනා දිහා බලන්නේ. ආදාල පුද්ගලයා ගැන මට තේරුනාට මගේ සමීපකෙනෙක්ට නොතේරෙනවනං පැහැදිලි කරලා තේරුමකුත් නැ. ඒ ගන්න උත්සාහය මම සිංදුවක් අහන්න යොදා ගන්නවා ඊට හොදයි. ඇත්තෙන්ම මගේ සටහනේ සඳහන් කරන පුද්ගලයා මිතුරෙක් වෙලා හිටියා. හැබැයි ඒ මිතුරුකම යට වෙන මොකක්දෝ දෙයක් හැංගිලා තිබුනා. මේ සිද්ධියත් එක්ක හිතට ආපු අදහස් ටිකක් තිබුනා ආන්න ඒ ටික සටහන් කරන්න තමයි මේ සටහනේ මුලික අරමුණ වුනේ. ඒක කියන්නත් මෙච්චර ලියන්න උනා. :) හැබැයි ඔය කොයි මනුස්සයා ලඟත් හුඟක් හොඳ දේ වගේම ටිකක් නරකදේ තියෙනවා කියන එක මං විශ්වාස කරන දෙයක් , ටිකක් තියෙන නරක දේ වෙන කෙනෙක් ඉදිරියෙදි ඉස්මතු වෙන්න ගත්තම හුඟක් තියෙන හොඳ දේ නොපෙනී යන්න පුළුවං. අන්න ඒ දේ ගැන විතරක් මිනිස්සු වෙච්චි අපි නොහිතන එක තමයි ගැටළුව.

තමා හොඳයැයි තමන් විසින්ම අනෙකුන්ට පවසන

මුහුණ තුල සැඟව හුන් රුදුරු කපටි මුව දෙස බලා

අනේ අපොයි යැයි මුවින් පිට නොකර ඉවත ගියේ

ඒ රුදුරු මුව තරම් නිවට තිරිසන් සතුන්

ඊයේ සහ අද මම දැක ඇති නිසාත්

හෙට උදාවන දිනයේදී

තව තවත් දැක ගැනීමට ඇති නිසාත් වෙනි.

එළැඹි මොහොතට මා අසීමිතව ඇලුම් කරමි

ඒ මක් නිසාද යත්

නුඹේ ඔය කසි කබල් වාග් ප්‍රහාර කිසිදු වැඩකට නැති කුණු ගොඩට විසි කර දමා

මා උමතු ලෙස සිනාසෙන නිසාවෙනි.

September 12, 2009 at 8:24 pm 4 comments


අතීත සටහන්

Blog Stats

  • 4,556 hits

Follow

Get every new post delivered to your Inbox.