සුදු කළු අළු වු අපි……….
September 12, 2009
සැබැවින්ම අරුම ජීවීතය නම් වේදීකාව මත
“ජිවිතේ අරුම මේ යැයි” කියා පාන වේදිකා නාටකයක
රඟදෙන චරිත අතර
අළුත් මිශ්‍ර වූ සුදු කළු අළු චරිතයකි
ඔබ සහ මම………..
හුඟක් දවසකට පසුව පුංච් සටහනක් තියන්න හිතුනා. ජිවිතේ විවිධ දේ එක්ක පොරබදින අපි තත්පරෙන් තත්පරය ඊගාව මිනිත්තුව ජීවත් වෙන්න ඕන අරමුණු හොයන වේලාවල් අනන්තයි.හිතට එන දේවල් ඔහේ ලියෙව්වට මේ කියන දේවල් එකකට එකක් ගැලපෙනවද කියන එකනං මං දන්නේ නැ. ඒ වුනත් ගැලපුනත් නැතත් ලියන්න ඔන කියලා හිතුනම ඔහේ ලියලා දාන එක මගේ පුරුද්ද. හුගක් වේලාවට අපි අපිටම කියලා ගැලපෙන දේවල් කරනවත් අඩුයිනේ. ඔය ගැලපෙන නොගැලපෙන දේවල් එක්ක දිගහැරෙන ජීවිතේ ගෙවද්දි හමුවන වෙන් වෙන මිනිසුන් අතරෙත් විවිධාකාර නොගැලපීම් තියනවානේ. අන්න ඒ වගේ නොගැලපෙන කෙනෙක් මීට සති දෙකට කලින් මාත් එක්ක කතා නොකර ඇරියා. හැබැයි ඒ සිදුවුන දෙයින් වැඩියම සතුටු වුනෙත් මම. අපි කියන්නෙ ඔය ඇතුවත් බැරි නැතුවත් බැරි කරදරකාර මිනිස්සු අපි වටා ඉන්නවා , අතඇරගන්න ඔන ඒත් අතාරින්න ක්‍රමයක් නෑ කියලා. ආන්න ඒ වගේ කෙනෙක් ජිවිතෙන් දුරස් කරගන්න පුළුවං උන එක ගැන මං හරි සතුටු වුනා. සමහර වෙලාවට කෙනාගේ හැටි අපිට තේරුනාට තවත් කෙනෙක්ට නොතෙරෙන්න පුළුවං. අපි අපිට ආවේනික කෝණවල ඉදගෙනනේ අනිත් කෙනා දිහා බලන්නේ. ආදාල පුද්ගලයා ගැන මට තේරුනාට මගේ සමීපකෙනෙක්ට නොතේරෙනවනං පැහැදිලි කරලා තේරුමකුත් නැ. ඒ ගන්න උත්සාහය මම සිංදුවක් අහන්න යොදා ගන්නවා ඊට හොදයි. ඇත්තෙන්ම මගේ සටහනේ සඳහන් කරන පුද්ගලයා මිතුරෙක් වෙලා හිටියා. හැබැයි ඒ මිතුරුකම යට වෙන මොකක්දෝ දෙයක් හැංගිලා තිබුනා. මේ සිද්ධියත් එක්ක හිතට ආපු අදහස් ටිකක් තිබුනා ආන්න ඒ ටික සටහන් කරන්න තමයි මේ සටහනේ මුලික අරමුණ වුනේ. ඒක කියන්නත් මෙච්චර ලියන්න උනා.
හැබැයි ඔය කොයි මනුස්සයා ලඟත් හුඟක් හොඳ දේ වගේම ටිකක් නරකදේ තියෙනවා කියන එක මං විශ්වාස කරන දෙයක් , ටිකක් තියෙන නරක දේ වෙන කෙනෙක් ඉදිරියෙදි ඉස්මතු වෙන්න ගත්තම හුඟක් තියෙන හොඳ දේ නොපෙනී යන්න පුළුවං. අන්න ඒ දේ ගැන විතරක් මිනිස්සු වෙච්චි අපි නොහිතන එක තමයි ගැටළුව.
තමා හොඳයැයි තමන් විසින්ම අනෙකුන්ට පවසන
මුහුණ තුල සැඟව හුන් රුදුරු කපටි මුව දෙස බලා
අනේ අපොයි යැයි මුවින් පිට නොකර ඉවත ගියේ
ඒ රුදුරු මුව තරම් නිවට තිරිසන් සතුන්
ඊයේ සහ අද මම දැක ඇති නිසාත්
හෙට උදාවන දිනයේදී
තව තවත් දැක ගැනීමට ඇති නිසාත් වෙනි.
එළැඹි මොහොතට මා අසීමිතව ඇලුම් කරමි
ඒ මක් නිසාද යත්
නුඹේ ඔය කසි කබල් වාග් ප්‍රහාර කිසිදු වැඩකට නැති කුණු ගොඩට විසි කර දමා
මා උමතු ලෙස සිනාසෙන නිසාවෙනි.
Entry Filed under: 1. .
3 Comments Add your own
Leave a Comment
Some HTML allowed:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>
Trackback this post | Subscribe to the comments via RSS Feed
1.
කසුන් | September 13, 2009 at 8:47 am
කාලෙකට පස්සේ
welcome back !
2.
නිදහස | September 16, 2009 at 8:41 am
කාලෙකට පස්සෙ . අගෙයි
3.
wadugebmv | November 30, 2009 at 9:51 am
හෙදෙයි