ඒ මිහි අම්මට ඇගේ හැම දරුවෙක්ම වටින නිසා ලු…….
September 30, 2009
අපි Homo Sapiens Sapiens ලු
Chordata වංශයට ආඩම්බරයක් ලු
විශ්වයටම අණසක පතුරලා ලු
ඉතිං අපි උත්තම mammalia ලු
කොන්ක්‍රීට් කණු වලට අපි හරිම ආදරෙයි ලු ,
වනාන්තර කාන්තාර කරන්න අපි හරිම දක්‍ෂයිලු ,
New Millennium එකට මේවා හරිම Simple ලු ,
අපි ඉතිං animalia රාජධානිය තුල විශිෂ්ඨයි ලු ,
අනෙක් animalia වෝ නෂඨ කරන එක අපේ වගකීමලු ,
අනාගත වංශයට අපි විතරක් පරිණාමය වුනාම ඇති ලු ,
“සංරක්‍ෂණය” ඒ මොකද්ද ඒ …… ඒවා අපි දන්නේ නැතිලු ,
අපිට ඊට වඩා කරන්න වැඩ තියෙනවලු ,
මොකද…. අපිට අපේ පරිසරය අමතකවෙලා ගොඩක් කල් ලු ,
Primata වෝ ආදි අපේ මුතුන් මිත්තෝ , අපි හඳුනන්නේ නැතු ලු ,
අපි අමතක වීමේ රෝගයට ලක්වෙලා ලු ,
පෘතුවියේ රජ වංශය අපි ලු ,
මහ පොළොව අපේ අම්ම බව අපිට අමතක වෙලා ලු ,
අම්මගේ ආදරය ගලා ගිය ගංගා, ඇළ, දොළ අපි විනාශ කරල දමනව ලු ,
අම්මගේ වස්තුව ශාක වැස්ම, ඉවත් කරලා ගොඩනැගිලි හදනවලු ,
අපිට තියෙන මහ මොළය වැඩ කරන්නේ ඒ විදියටලු ,
ඒ අතින් අපි හරිම intelligent ලු ,
අපි විනාශ වෙන බව තවම අපිට තේරුණේ නැති ලු ,
අපි ආදරේ නැතත් …… පිරිසරය අපිට ආදරෙයි ලු ,
ඒ මිහි අම්මට ඇගේ හැම දරුවෙක්ම වටින නිසා ලු…….
රජීව ඒකනායක
ඉහත සඳහන් සටහන මා විසින් උපුටා දැක්වුවක් . තරුණ සත්වවේදීන්ගේ සංගමය මගින් ප්‍රකාශයට පත් කරන ලද “පණීවුඩය” සඟරාවේ 2005 අප්‍රේල් – සැප්තැම්බර් කලාපයේ රජීව ඒකනායක සොහොයුරා විසින් තබන ලද සටහනක්. මා ඔහුව පෞද්ගලිකව හැදින නොගත්තත් ඔහුගේ අවසරයකින් තොරව මගේ බ්ලොග් පිටුවට එකතු කරන්න හිතුවේ පහුගිය දවස් වල පුවත් විකාශයන් කීපයක් මගින්ම පරිසරය පිළිබ ද විවිධ පුවත් අහන්න ලැබුන නිසා. පරිසරය හා මිනිසා කියන තැනදි මිනිසා විසින් පරිසරයට කරන අකටයුතු කම් අකම්පිතව විදරා ගනිමින් සිටින පරිසරය කොයි මොහොතක හෝ ඒ කරපු දේ වෙනුවෙන් දඩුවම් ලබා දෙනවා. ඒක මේ මිහිතලය අරක් ගත් කොයි සත්තවයටත් පොදුයි. ඒකනේ ඔය එක එක කාල වලදි විවිධ පාරිසරික වෙනස්කම් වලින් අපි පීඩා විදින්නේ. මෙවැනි දේවල් ඇහෙද්දි ඉහතින් සදහන් කල සටහන නිතරම මට මතක් වෙනවා.
පරිසරය (ස්වභාවධර්මය) හුදෙක් මිනිසා විසින් වෙනස් නොකල යුතු ඒ අනුව මිනිසා වෙනස් විය යුතු දෙයක් ලෙස මා දකිනවා. ඔබට මේ මහ පොළොව මත හිදින්නට ජීවත් වන්නට ඉඩ දුන් මිහි මාතාවට ඹබ සැබැ ලෙස කෘතගුණ වන්න. ඇයට ආදරය කරන්න, එවිට ඇය ඔබට සැබැ ලෙස ආදරය කරාවි, ඇය ඔබ රැක ගනීවි.
Entry Filed under: 1. .
Trackback this post | Subscribe to the comments via RSS Feed