Archive for February, 2010
කෙසේ නම් ඉවත යන්නද ….කාසි නොදමා………
කඩි මුඩිය සියත දැරු
බර අඩි වලින් ඇවිද යන
හිමිදිරිය…..
දුර ඈතින්ම දසුන් වන
අඩියටම ගිලී… තෙත් වුන් දෑස්
පහන් කණුවකින් සෙවන ලැබ…
නිරතුරුව විලිවසන ..කහවන් ඔසරියෙන් හැඩවුනු
පාරටම අත පොවන රැලි වැටුණු කෙසඟ දෑත්
දිගු කලක් ගෙවු දිවි මගේ කටුකොහොල් ලංසුවෙන්
“අනේ… කන්ට දෙයක් පුතේ”….
කුසගින්න පයින් ගසන වේදනා පිරි හඩ පරදවා
කෙසේ නම් ඉවත යන්නද
කාසි නෝට්ටු නොදමා………
ජීවිතය නොහොත් Life
දෑත් දිගු කොට අයදින ජිවිතය හා
කට ඇර බලා සිටින මරණය අතර විහිදුන
මලින් බර වී ගිය කටුකොහොලින් පිරි
මාවතේ ඇවිද යන විට
ඇහිදගත් මතක පොතේ පිටු පෙරලමින්
එහි වු රසමුසු සුමිහිරි තැන්, දුක් මුසු තැන්
කියවමින් කදුළු වගුරවමින් සිනහ නගමින් මාවතේ වු
අසුන මත වාඩි වී හිදින විට මෙලෙස සිතුනි.
“පටන් ගත් තැන සිට මේ දක්වා
හැල්මේ දුවමින් ආ දිවිය අතර මඟ
ලද කෙටි විවේකයේ මතක පොත පෙරළුවේ
සිනහා නගන්නට මිස කදුළු වගුරන්නට නොවේ.”
ප්රතිචාර