තාර්කිකව අරඹා හර බැර වී ගිය සිතුවිල්ල
තාර්කික ද්වාරයකින්
තර්ක සංඥාවක් ලෙස පිටවු සිතුවිල්ල
අනාකූල ප්‍රවාහයක දුස්ස්‍රාවීතාවයෙන් මිදි දුවවිත්
සංසක්ති ආසක්ති බලයට හසුනොවී
ගුරුත්වය යටතේ ඔක්සිජන් අණුවක සිරවිනි.
ඉදින් නාස් පුඩු ඔස්සේ ග්‍රසනිකාව පසුකර
පෙනහල්ල කරා ගොස්
ගර්ත කෙළවර ස්පර්ශ කර
CO2 අණුවක් තුලට පැනගත් සිතුවිල්ල
එම මාර්ගයෙන්ම පිටතට විත්
මේසය මතවු ලාභලාභ ගිණුමකට පැන ගති.
එයින් ආරම්භක තොගයට බැරවී
අවසන් තොගයට හරවී
නැවත විකුණුමෙන් අඩු වී
දළ ලාභය තුලට පැන ගත් සිතුවිල්ල,
එහාට බැරවී මෙහාට හර වී
අසීරු ගමනක් ඇරඹීය.
බොහෝ වේලාවකට පසු ශුද්ධ ලාභය
ලෙසින් මතු වු සිතුවිල්ල
වත්කම් වගකීම් හිමිකම් ලෙසින්
ශේෂ පත්‍රයේ දෙපස සමාන කර
අසරණ ලෙස විගණනයටද ලක් විය.
විද්‍යාත්මක ක්‍රමය යටතේ නැවත කළමණාකරනය වු සිතුවිල්ල
මාගේ නියොජිත ගිවිසුමටද පයින් ගසා
තවත් දුර යා ගත නොහැකිව
ඇස්පියන් තුල නින්දට වැටුනි.
*මේ දවස් වල තියෙන ආතතියෙන් ලද උත්තේජනය නිසා කොලේට විසිරිච්ච සිතුවිලි ටිකක්.
8 comments November 6, 2008
සොබා දහම, ඔබ සුන්දරයි, විශ්මිතයි, අවංකයි
සොබා දහම, ඔබෙන් මා ලද ප්‍රාණයට නැතහොත් මාගේ ශරීරයට
ඔබෙන් ඇයදුමක් හෝ අවසරයක් නොමැතිව හැකිතාක් සැප ලබා දුනිමි.
දුකක් නම් දෙන්නට සිතුනේම නැත.
එහෙත් මේ ශරීර කුඩුවෙහි පඨවි ආපෝ තේජෝ වායෝ
නැතිවු දාට…..
මා කොතැන නම් ලැගුම් ගන්නද ?
නැවත තිරිසනෙක් ප්රේතයෙක් භූතයෙක්, අහම්බෙන් හෝ මනුෂයෙක් ලෙස
ඔබ මට ලබා දෙන ප්‍රාණයද පෙර ලෙසම නැතිවෙනවා සිකුරුයි.
හිදින් කල්ප ගනන් මා අතනින් මෙතන්ට මෙතනින් අතන්ට
අහිගුණ්ඨක යෙකු සේ මාරු වෙනවා හැර
වෙනත් කිසිදු දෙයක් කර නොමැත්තේද ?
මේ ශරීරය දරාගෙන ඉගෙන ගත්තා ඉගැනුවුවා, කැවා බීවා කියා
ඔබ මට මාරු නොවි සිටිමට ඉඩ දෙන්නේ නැත.
ඉදින් මා කෙලෙස නම් මේ මාරුව වනතාලන්නද?
සොබා දහම, ඔබ මෙලෙසින් මට දඩුවම් දීම නවතා ලන්නේ කවදාද ?
මා තීරණයක් ගත යුතුව ඇත.
නැවත ඔබට මට දඩුවම් නොදිය හැකි තැනක් සොයා ගත යුතුව ඇත.
කෙසේ හෝ එතැනට යා යුතුව ඇත.
අන්න එදිනට ඔබට මා තුති පුර්වකව ආචාර කරමි.
සොබා දහම, ඔබ සුන්දරයි, විශ්මිතයි, අවංකයි.
ඔබේ මේ දඩුවමේ ඇති අරුත මා තේරුම් ගැනීමට උත්සාහ කරමි.
එලෙස ඔබගේ දඩුවම් විදිමින් වුව,
එය තේරුම් ගැනීමට ඔබ මට ලබා දුන් මේ මනුෂ්‍ය ප්‍රාණය වෙනුවෙන්
ඔබට මාගේ ප්‍රණාමය පුද කරමි.
4 comments November 3, 2008
නුපුරුදු සොදුරු සිතුවිලි
අහස තරු වලින් පිරිලා. ඒත් මට පෙන්නේ දිලි දිල පත්තුවෙන පුංචි තරු කැට දෙක තුනකුයි ග්‍රහලෝකයක් යැයි මං අනුමාන කරන නිරන්තරයෙන් ආලෝකය විහිදුවන ආකාශ වස්තුවකුයි විතරයි.
මං ආස ගායකයෙකුගේ ලස්සන ගීතයකුත් ඇහෙනවා ඇහෙනවා වගේ. “තනි තරුවේ ඔබත් ඔහොම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා………….” මුලින් කිව්වා වගේ මුළු පලාතම නිහඩයි. හිත ඇතුලෙන් තමයි වාදනය වෙන්නේ .
බොහෝ දෙනෙක් මේ වෙලාවේ අවදියෙන් ඇති. ඒත් මට දැනෙන්නේ මං විතරක් ඇහැරගෙන අර තරු දිහා බලන් ඉන්නවා වගේ. මේ වගේ රත්‍රින් වල ඇහැරගෙන අහස දිහා බලන් ඉන්න කොට මතක් වෙන පොතක් තියෙනවා මට. ඒ තමයි චින්තා ලක්‍ෂමි සිංහාරච්චි පරිවර්තනය කරපු “අරණකට පෙම්බැද” කියන පොත. ඒකේ තැන් කිහිපයකම හරි ලස්සනට රාත්‍රීන් විස්තර කරලා තියෙනවා. සිතුවිලි වලින් ඒ තරං කැලෙක ඇවිදපු පොතක් මට තාම ලැබුනේ නැ.
හිත ඇතුලේ මොකක්දෝ සිතුවිල්ලක් එලියට එන්න දගලනවා. ඒත් හරියට පැහැදිලි නැ. මොකක්ද මේ සිතුවිල්ල……. අනේ මංදා හිතා ගන්න බැ. ඒ හින්දමද කොහෙද මෙන්න මේ වගේ සිතුවිලි ටිකක් නං කොලේක ලියවුනා.
ඈත අහසේ කළුවරේ දිලිසෙන
දෑස් මානයෙන් ඔබ්බට දිවෙන
සිතේ ගැඹුරෙන්ම මතු වෙමින්
පිටතට පනින්නට වෙර දරන
මගේ නුපුරුදු සොදුරු සිතුවිල්ල
තණ අගින් ගිලිහෙන්නට
ගුරුත්වයට අයදිමින් සිටින
උදාසන පිනි බිංදුවක් වන්
මගේ නුපුරුදු සොදුරු සිතුවිල්ල
හිරුට මුවා වන්ට නොහැකිව
පෙති විහිදුවන්ට වෙර දරන
පුංචි මල් පොහොට්ටුවක් වන්
මගේ නුපුරුදු සොදුරු සිතුවිල්ල
දිය කඩිත්ත පැන යන්ට
බාහුවක පිහිට යදින
පුංචි දඟකාරියක් වන්
මගේ නුපුරුදු සොදුරු සිතුවිල්ල
කෙතරම් වෙර දරා තල්ලු කෙරුවද
අඩියක් වත් ඉදිරියට නොයන
විසල් ගල් කුලක් වන්
මගේ නුපුරුදු සොදුරු සිතුවිල්ල
කියාගන්න බැරිව ලැතැවි ලතැවි හිතේම තියං විදෝන සිතුවිලි ඕනෑ තරම් අපට තියෙනවා. ඒත් කාලයක් ගිහිං ඒ සිතුවිලි එලියට නොආපු එකට සතුටු වෙන වෙලාවලුත් දුක් වෙන වෙලාවලුත් අනන්තයි.
කොහොම උනත් පුංචි හරි සටහනක් තියන්න මගේ හිත මෙහෙයවපු මගේ නුපුරුදු සොදුරු සිතුවිල්ලට ප්‍රණාමය.
3 comments October 30, 2008
විශ්වාසය……..අවිශ්වාසය
තුති සිතින් එළිය බලන
හිරු දෙවිට පුද ලබන.. විශ්වාසය
සදහටම නික්ම යන
ඇස්කෙවිනි රිදුම් දෙන
එළිය අදුරුවන මරණයේ.. අවිශ්වාසය
මෙලොව ඇති සොදුරුතම
ආදර මවගෙන් ලැබෙන
සෙනෙහසේ.. විශ්වාසය
කෙදින නම් නැතිව යාද
සෙනෙහසේ දින ගණින.. අවිශ්වාසය
බොකු ඇදලා පිටත හලන
දුක සැපෙහි සොදුරුතම
මිතුරුකම.. විශ්වාසය
ආත්මාර්ථයේ පිළිඹුව
මාළුවෙකු සේ දැනෙන මිතුරුකම.. අවිශ්වාසය
සියළු දේ පරදුවට තබන
ආදරේ උතුම් ලන්සුව.. විශ්වාසය
එහිම පැරදුම ලබන
සියළු මං ඇහිරි යන
විරහවේ.. අවිශ්වාසය
Add comment September 25, 2008
දවස…….
සියළු දේ අත් නොහැර
මොහොතකට අමතකව
නිදහසේ ඇස් පියවූ රාත්‍රිය…….
පැය හයක විවේකය
අවසන්ව අවදිවත්ම
යන්ත්‍රයක් විලසින්ම දිවෙන උදාසන……
විඩාවෙන් සිසිල් වන
දොළදුකින් සුසුම් ලන
ඉර මුදුන් දහවල………
පුරුදු මාවත යලි පෙනෙන
අඳුර කැපී ගොඩවන
ක්ෂිතිජයේ කඩ ඉම සවස……
යළි…..
සියළු දේ අත් නොහැර
මොහොතකට අමතකව
නිදහසේ ඇස් පියාගත් රාත්‍රිය…….
Add comment September 22, 2008
සුසුම් ලන ගංඟාව
රැලි නඟන පෙණ පිරුණු ගංඟාව
සිඳී යන බව දැන දැනම
එයට ලොබ නොබැද සිටීය නොහැකිය
තව තවත් සෙනෙහසින් බැදෙන තරමට
පතුලටම කිමිදුණ ද
කරවටක් වත් නොවැසෙන තරමට
ජලකඳ සිදී ගොසිනි
ගැඹුරු තැන් සොය සොයා පිහිණුවද
සියළු තැන් ගොඩ වු සැටියකි
දැසගින් ගිලිහෙන කදුළු බිඳු හැරෙන්නට
අළුතින් එකතු වෙන දිය බිඳක් ද නැත
දැන් සිඳෙයි දැන් සිඳෙයි සිතෙන තරමට
ගංඟාව සිඳී යයි දෑස් අභියස
සුසුම් ලන ජල කඳට සමු දී
සිඳි යන යුරු බලා සිටිනවා හැර
වෙන නම් කුමක් කරන්නද?
4 comments September 18, 2008
මෙබඳු සිතුවිලි
රුහිරෙන් නැහැවුණු ගත
සිනාහවෙන් සැරසුණු වත
සිතුවිලි පිරුණු සොදුරු සිත
සැඟවෙන්න කාලය එළඹ ඇත
වේදනාවන් ගොඩක වැතිරී
වදන් තෙපුලුමද නැවතී
අවසන් ගමන් යන්නට සැරසී
මඟ බලා සිටින අසිරී
කීමට කෙනෙක් නැත
ඇසීමට අයෙක් ද නැත
සිරකර ගතේ අවසන් සුසම් පොද
ලියයි සිතුවිලි මෙලෙස හිදගෙන
වෙව්ලමින් දැතැගිලි
ඇහිදිමින් කදුළු පොදි
දුවයි පන්හිද සියුමැලි
විසී කරමින් සිතේ උපදින
මෙබඳු සිතුවිලි
2 comments September 16, 2008
කිසිත් නොසිතන සිත
ලියන්නට මං කියු සිත
කියන්නට වෙර දැරු සිත
දැන් කිසිත් නොකියාම සිත
හිඳින්නේ ඇයි නිහඬවම මගේ සිත
පන්හිඳ පොර බදි දැගිලි අතර සිට
එහෙත් ලියන්නට අවසර
නොදෙයි පන්හිදට මගේ සිත
සිතුවිලි සිර කරං මේ සිත
ඉවත බලනවා මට නොදැනීම
සිත සිර කර ඇති පවුරු බිදලන්න
අවැසි මුත් මගේ පන්හිඳට
සිතක් නොමැත එය බිඳලන්න
කලක් යන තුරු මේ සිතට
දිනක් ආ විට සිතට
අවසරයි මගේ පන්හිඳට
සිතේ පවුරු බිඳලන්න ………. එදිනට
1 comment July 22, 2008
වංක නොමැති මිතුරුකමේ සතුට !
මිනිසුන්ගේ ඇතැම් හැසීරීම් රටාවන් ගැන දැඩි කලකිරීමක් ඇති වු වේලාවක ලියන සටහනක් මේක. හිතේ තියෙන වේදනාව පිට කරගන්න මං මේ සටහන තබන්න හිතුවා. වෙනදටනං මං මටම කියාගෙන අමතක කරනවා ඇත්තෙන්ම අමතක කරන්න උත්සහ කරනවා. මේ වේලාවේ මටම කියාගන්න විදිහක් නැති නිසා අමතක කරන්න උත්සහ කලත් ඒක කරන්න අමාරුයි. ඒ නිසයි පැත්තකට වෙලා ලියන්න හිතුවේ.
රිදුම් දෙන කරුස වචන පිට නොකරන් මිතුර
අනෙකුන් සිත රිදෙනා බව නොදෙන්නේද මිතුර
තමන්ගේම නිවැරදි බව සිතන්නේ ඇයි මිතුර
දෙනෙත් හැර බලන් ඔබයි මෝඩ මිතුර
කිසිම රසක් නොමැති බසක් දොඩන්නේ ඇයි මිතුර
අනෙකගේ සිතුවිලි පොඩි කලාම ඔබ දිනුම් ද මිතුර
කිසිත් නොදොඩා සිටීම නම් මෝඩකම ද මිතුර
අනෙක් අයගේ අදහසකට ගරු කරපන් මිතුර
තමන්ගේ ඔළුවේ තරමට ඉදිමියන් මගේ මිතුර
නොදන්නාකමට කට දාන්නට එපාය මගේ මිතුර
කුකුළු කරමලේ බල ටික වෙලාවයි නේ මිතුර
අහිංසකව කියන දේත් අහං ඉදින් මිතුර
මහ හයියෙන් දෙඩවීමත් ලොකු කමක් ද මිතුර
අනෙක් එවුන් අත දුන්නට ඔබ දිනුම් ද මිතුර
පිරුණු කලේ දිය නොසැලෙන බව නොදන්නේ ද මිතුර
තමන් නොදන්නාකම ඇයි කියාපාන්නේ මිතුර
සියල්ල දත් කෙනෙක් වෙන්ට නුඹට නොහැක මිතුර
අනෙක් එවුන් කියනා විට අහන් ඉදින් මිතුර
හැම තැනදිම කියවීමත් අතඇරපන් මිතුර
එවිට නුඹේ මෝඩකමත් නැතිව යාවී මිතුර
තමංගේ අදහස් විතරක් හරියනවද මිතුර
තමං දන්න දේ උනත් අහං ඉදින් මිතුර
සියළුදෙනා මිතුරු බවද සිතන්නේ ඔබ මිතුර
හැම දෙනාම ඔබ වගේම රැවටිල්ලකි මිතුර
බොරුවේ මිතුරුකමක් නැතේ එයයි ඇත්ත මිතුර
බොරුවට මිතුරකු වන්නට බැහැනේ මගේ මිතුර
මිතුරුකමත් හරියට දෙන්න ඉගෙන ගනිං මිතුර
මුහුණට එකක් පිටට එකක් නොපෙන්නපං මිතුර
අවංකවම මිතුරු වන්න ඉගෙන ගනිං මිතුර
මිතුරුකමේ වංකකමට ඉඩක් නැනේ මිතුර
මිතුරුකමට අරුථක් වෙන කෙනෙක් වෙයං මිතුර
වංක නොමැති මිතුරුකමේ සතුට විදින් මිතුර
8 comments July 9, 2008
විලංගුව බිඳින්නට
ජිවිතේ විදින්නට මා දැරු තැත
නැති වුනා මා මෙලොව ආ දින
සියළු දේ විදින නොයෙක් මිනිසුන් මැද
තනි වෙලා මම මටත් නොදැනිම
අනියතයි අනියතයි යැයි කෑ ගසන හඩ
ඇසෙනවා මට ඈත දුර සිට
සිතුවිලි ලං වුනත් ඒ හඬට
හැබැයින් යන්න බැරි ඇයි මේ මට
මෙලොව එලිය දුටු දා සිට
විලංගු දාගෙන අපි අපට
බිඳලන්න සිතු හැම මෙහොතක
තව තවත් බැඳෙනවා විලංගුවටම
එහෙත් ……….
අත්නොහලමි මගේ උත්සාහය
හිමිවන තෙක් මට මාව
බිඳිනවා යම් දවසක විලංගුව
නමුත් විරසකයි මව් එදිනට
සමාවෙයන් අම්මේ මට එදාට
4 comments July 8, 2008
