මෙබඳු සිතුවිලි

September 16, 2008 at 11:32 am 2 comments

රුහිරෙන් නැහැවුණු ගත
සිනාහවෙන් සැරසුණු වත
සිතුවිලි පිරුණු සොදුරු සිත
සැඟවෙන්න කාලය එළඹ ඇත

වේදනාවන් ගොඩක වැතිරී
වදන් තෙපුලුමද නැවතී
අවසන් ගමන් යන්නට සැරසී
මඟ බලා සිටින අසිරී

කීමට කෙනෙක් නැත
ඇසීමට අයෙක් ද නැත
සිරකර ගතේ අවසන් සුසම් පොද
ලියයි සිතුවිලි මෙලෙස හිදගෙන

වෙව්ලමින් දැතැගිලි
ඇහිදිමින් කදුළු පොදි
දුවයි පන්හිද සියුමැලි
විසී කරමින් සිතේ උපදින
මෙබඳු සිතුවිලි

Entry filed under: 1. Tags: .

කිසිත් නොසිතන සිත සුසුම් ලන ගංඟාව

2 Comments Add your own

  • 1. hemajayantha  |  September 16, 2008 at 7:32 pm

    පැහැදිලිවම මෙයයි පංචස්කන්ධ ලෝකයේ යථාර්තය. අනිත්‍යයි. දුක්ඛයි. අනාත්මයි. මමය මගේය සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නොමැති මේ නිස්සාර නාමරූපය හිස් දෙයක් බව ඔබ මනාව පසක් කරන්නේය. අගනා නිර්මාණයක්

    Reply
  • 2. කසුන්  |  September 19, 2008 at 1:51 pm

    ආපහු බ්ලොග් එක ලියන්න ගත්ත එක ගැන සතුටුයි.🙂

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


අතීත සටහන්

Blog Stats

  • 7,961 hits

%d bloggers like this: