සුසුම් ලන ගංඟාව

September 18, 2008 at 11:58 am 4 comments

 

රැලි නඟන පෙණ පිරුණු ගංඟාව

සිඳී යන බව දැන දැනම

එයට ලොබ නොබැද සිටීය නොහැකිය

තව තවත් සෙනෙහසින් බැදෙන තරමට

පතුලටම කිමිදුණ ද

කරවටක් වත් නොවැසෙන තරමට

ජලකඳ සිදී ගොසිනි

ගැඹුරු තැන් සොය සොයා පිහිණුවද

සියළු තැන් ගොඩ වු සැටියකි

දැසගින් ගිලිහෙන කදුළු බිඳු හැරෙන්නට

අළුතින් එකතු වෙන දිය බිඳක් ද නැත

දැන් සිඳෙයි දැන් සිඳෙයි සිතෙන තරමට

ගංඟාව සිඳී යයි දෑස් අභියස

සුසුම් ලන ජල කඳට සමු දී

සිඳි යන යුරු බලා සිටිනවා හැර

වෙන නම් කුමක් කරන්නද?

 

Entry filed under: 1. Tags: .

මෙබඳු සිතුවිලි දවස…….

4 Comments Add your own

  • 1. hemajayantha  |  September 18, 2008 at 1:21 pm

    සංයමය පිරුනු පදවැලක්. මෙය තමයි ජීවිත යථාර්ථය. යමක් හටගත්තානම් එය නැසී වැනසී යනවා. ඒ කෙරෙහි ඇති ඡන්දරාගය දුරු කිරීම හැර අන් කිසිවක් කල නොහැක.ඔබේ උත්සාහයට මගේ සුභපැතුම්

    Reply
  • 2. යූත්මැක්ස්  |  September 18, 2008 at 6:21 pm

    මනසන් විඳින්න‍ට පුලුවන් අපූරු පැදියක්. මගෙ හිත ගොඩක් ඈතට ගියා. අපූරු අත්දැකීමක්. මගෙන් තුති෴

    Reply
  • 3. නිදහස් අදහස්  |  September 18, 2008 at 6:38 pm

    කාලෙකට පස්සෙ ආයේ ලියල. ඒක හොදයි.

    Reply
  • 4. සිතුවිලි  |  November 7, 2008 at 10:46 am

    @hemajayantha: ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට

    @ යූත්මැක්ස් : ස්තුතියි ඔබටත්🙂

    @නිදහස් අදහස් : ස්තුතියි 🙂

    Reply

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


අතීත සටහන්

Blog Stats

  • 7,961 hits

%d bloggers like this: